• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනරජ දිනය කෑගල්ලේ දී සැමරේ

kegalle 2017 5 22ජනරජ දිනය සැමරීමේ වැඩසටහනක්  කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී අද (22) පැවැතිවිණි. 



කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන් පැවති අතර, ජනරජ දිනයේ වැදගත්කම ඒ මහතා විසින් කාර්ය මණ්ඩයේ නිලධාරීන් වෙත දැනුම් දුන්නේය.


බ්‍රිතාන්‍ය යටත් විජිතයෙන් ශ්‍රී ලංකාව සම්පුර්ණයෙන්ම නිදහස ලැබු ජන රජ දිනය අදට යෙදී තිබේ.


1972 වසර් මැයි මස 22 වනදා සොල්බරි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව වෙනුවට නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත කර ගත් අතර එමඟින් ශ්‍රී ලංකාව නිදහස්, ස්වාධීන, සෛවරීය රාජ්‍යයක් බවට පත්විය.


ජාතික රාජ්‍ය සභාවේ ප්‍රථම රැස්විම පැවැත්විම, රාජ්‍ය ලාංඡනය භාවිතය ආරම්භ වීම අද වැනි දිනක සිදුවිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.