• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමාජ සාධාරණත්වය තහවුරු කිරීමට රජය කැපවී සිටින බව ජනපති පවසයි

He news 2017 05 22 33රජය සෑම විටම කටයුතු කරන්නේ පොදු මහජනතාවට සමාජ සාධාරණත්වය ඉටුකිරීම සඳහා බව ජනාධිපතිතුමා පවසයි.



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ගලගෙදර නව අධිකරණ සංකීර්ණය අද (22) පෙරවරුවේ ජනතා අයිතියට පවරාදෙමිනි.


සමාජ සාධාරණත්වයල මානව හිමිකම්ල මූලික අයිතිවාසිකම්ල ජනතාවගේ නිදහසල ප‍්‍රජාතන්ත‍්‍රවාදය යන කරුණු පිළිබඳව වත්මන් රජය බලයට පත්වීමෙන් පසු විශාල වැඩකොටසක් ඉටුකළ බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ 18 වන සංශෝධනය අහෝසි කිරීමත්ල 19 වන සංශෝධනය සම්මත කිරීමත් මේ රටේ සමස්ත පුරවැසියන් ලැබූ විශිෂ්ට ජයග‍්‍රහණයක් බව ද කියා සිටියේය.


19 වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කෙරුණු කොමිෂන් සභා තුළින් රටේ සෑම පුරවැසියෙකුටම නීතියේ සාධාරණත්වයල සමාජ සාධාරණත්වයල නිදහසල මූලික අයිතිවාසිකම්ල මානව හිමිකම් යන සියල්ල සඳහා ශක්තිමත් පදනමක් වැටුණු බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ස්වාධීන කොමිෂන් සභාවල කටයුතු වඩා විධිමත් සහ කාර්යක්ෂම කරමින් ඒවා ශක්තිමත් පදනමකින් ඉදිරියට කි‍්‍රයාත්මක කිරීමට තමා පසුගියදාද අදාළ නිලධාරින් කැඳවා උපදෙස් ලබාදුන් බව ප‍්‍රකාශ කළේය.


බ්‍රිතාන්‍ය යටත් විජිත පාලනයෙන් ශ්‍රී ලංකාව සම්පූර්ණයෙන්ම නිදහස ලැබූ දිනය වන ජනරජ දිනය අදට යෙදි තිබෙන අතර ඒ පිළිබඳව ද සිහිපත් කළ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ අධිකරණ ක්ෂේත‍්‍රය රට තුළ සම්පූර්ණයෙන් නිදහස් හා ප‍්‍රජාතන්වාදී බවට පත්වූයේ 1972 වසරේ මැයි 22 වන දින සම්මත කරගත් එම ව්‍යවස්ථාව තුළින් බවයි.


අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සංකීර්ණ ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ මෙම අධිකරණ සංකීර්ණය ඉදිකර තිබෙන අතර මහල් දෙකකින් සමන්විත නව අධිකරණ සංකීර්ණය සඳහා වැයකර ඇති මුදල රුපියල් මිලියන 76 කි.


නව අධිකරණ සංකීර්ණය විනිසුරු නිල මැදිරිල ලේඛනාගාරල නිඥවරුන්ගේ රාජකාරී හා විවේක කාමරල පවුල් උපදේශන කාර්යාල ඇතුළු පහසුකම්වලින් සමන්විතය.


නව අධිකරණ සංකීර්ණය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.


නීතිඥ සංගමයේ නිලධාරින් වෙත නීතිපොත් බෙදාදීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.


අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂල අමාත්‍යවරුන් වන ලක්ෂ්මන් කිරිඇල්ල, සරත් අමුණුගම, නවීන් දිසානායක, මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක, නියෝජ්‍ය අමාත්‍ය දුෂ්මන්ත මිත‍්‍රපාල යන මහත්වරුන් ඇතුළු දේශපාලන නියෝජිතයින් පිරිසක් ද අගවිනිසුරු පි‍්‍රයසාද් ඩෙෆ්ල නීතිපති ජයන්ත ජයසූරිය යන මහත්වරුන් ඇතුළු නීති ක්ෂේත‍්‍රයේ ප‍්‍රවීනයින් රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.