• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති මැන්චෙස්ටර්හි ප‍්‍රහාරය හෙළා දකී

Message HE 2017 5 24අහිංසක සිවිල් වැසියන් 19 දෙනෙකු ජීවිතක්ෂයට පත් කරමින් සහ පනස් දෙනෙකුට අධික පිරිසකට තුවාල සිදුකරමින් මහා බ්‍රිතාන්‍යයේ මැන්චෙස්ටර්හි සංගීත ප‍්‍රසංගයකට එල්ල වූ ප‍්‍රහාරය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා තරයේ හෙළාදකී.



මහා බ්‍රිතාන්‍ය අගමැතිනි තෙරේසා මේ මැතිණිය වෙත ශෝක පණිවිඩයක් යවමින් ජනාධිපතිතුමා පෙන්වා දෙන්නේ සියලු ආකාරයේ ත‍්‍රස්තවාදය මුලිනුපුටා දැමීමට ලොව සෑම රාජ්‍යයක්ම ප‍්‍රමුඛත්වය දියයුතු බවයි.


දේශපාලන අරමුණු වෙනුවෙන් නිරායුධ අහිංසක පුරවැසියන් ඝාතනය කිරීම බියසුළු කි‍්‍රයාවක් බව ද සිය ශෝක පණිවිඩයේ වැඩිදුරටත් සඳහන් කර තිබෙන ජනාධිපතිතුමා මෙම ඛේදජනක අවස්ථාවේදී බි‍්‍රතාන්‍ය රජය සහ එරට ජනතාව වෙතත් ශ්‍රී ලංකා රජයේ සහ ජනතාවගේ බලවත් කණගාටුව පළකරයි.


එසේම, ප‍්‍රහාරයෙන් ජීවිතක්ෂයට පත්වූවන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සිය බලවත් සංවේගය පළ කරන ජනාධිපතිතුමා තුවාල ලැබූවන් වෙත ඉක්මන් සුවය ප‍්‍රාර්ථනා කර සිටී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.