• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සමෘද්ධි නිවාස ලොතරැයියෙන් කුරුණෑගල දිස්ත්‍රික් ජයග්‍රාහකයින් 27කුට රුපියල් ලක්ෂ 54ක්

Kurunaegalle Dis 2017 5 24සමෘද්ධි නිවාස ලොතරැයි වැඩසටහනින් කුරුණෑගල දිස්ත්‍රික්කයේ 2017 ජනවාරි මස දිනුම් ඇදීමට අදාළ ජයග්‍රාහකයින්  27කුට රුපියල් ලක්ෂ 02 බැගින් චෙක්පත් ප්‍රදානය කිරීමේ උත්සවයක් පසුගිය දා      කුරුණෑගල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණ.



කුරුණෑගල දිස්ත්‍රික්කය තුළ සමෘද්ධි ආධාරලාභී පවුල් 155000 සිටින බවත්, ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කරලීම සඳහා  වසරකට රජය මිලියන 4500/=ක් වැය කරන බවත්, සමෘද්ධි දිස්ත්‍රික් අධ්‍යක්ෂ එම්.එස්.එම්. සෆ්රාස් මහතා මෙහිදී සඳහන් කළේය.


මෙම ලොතරැයි දිනුම් ඇදිම නිවාස අවශ්‍යතාවය ඉටුකිරිම  සඳහා අතදීමක් වශයෙන් සමෘද්ධි ආධාරලාභීන් අතර සිදුකරන ලදී. දැනට පවතින නිවස අලුත් වැඩියා කිරීම හෝ  නව නිවසක් ඉදිකිරීම සඳහා මෙම මුදල් ප්‍රදානය කරන ලදී.


ජයග්‍රාහකයින්ගේ නිවාස අවශ්‍යතාව සම්පූර්ණ වී තිබේ නම් ප්‍රාදේශීය ලේකම්ගේ අධීක්ෂණය යටතේ ඵලදායි ආදායම් උත්පාදන ව්‍යාපාර කටයුත්තකට මෙම මුදල යෙදවිය හැකිය.



පුද්ගල ජීවන තත්ත්වය උසස් කරලිම තුළින්  රටේ සංවර්ධනයට දායකත්වයක්  සැපයිය හැකි, යැපුම් මානසිකත්වයෙන්  මිදුනු රටට බරක් නොවන ජනතාවක් බිහිකිරිමේ අරමුණින්  මෙම ලොතරැයි මුදල ලබා දීම  වත්මන් රජයේ අපේක්ෂාව බව, දිස්ත්‍රික් අධ්‍යක්ෂ එම්.එස්.එම්. සෆ්රාස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.