• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තෙදින සංචාරය අරඹමින් ජනපති ඔස්ට්‍රේලියාවට ළඟාවෙයි

03 Welcome by Sri Lanka High Commissioner Somasundaram Skandakumar and the staff at the airport2017ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරතවන ශ‍්‍රී ලංකාවේ ප‍්‍රථම රාජ්‍ය නායකයා ලෙසින් ඔස්ට්‍රේලියාව බලා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) පෙරවරුවේ කැන්බරා ජාත්‍යන්තර ගුවන් තොටුපලින් එරටට ළඟාවිය.


එරට රජය වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍ය සෙනෙටි සභික Simon Birmingham මහතා සහ අග‍්‍රාණ්ඩුකාරවරයාගේ ලේකම් Mark Fraser යන මහත්වරුන් ඇතුළු විශේෂ නියෝජිත පිරිසක් විසින් මෙහිදී ජනාධිපතිතුමා මහතා හරසරින් යුතුව පිළිගනු ලැබූහ.


මේ අතර ජනාධිපතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ පිළිගැනීමේ උත්සවයක් ජනාධිපතිතුමා නවාතැන් ගන්නා කැන්බරා නුවර හෝටලයේ දී ද සංවිධානය කර තිබුණි.


ඔස්ටේ‍්‍රලියානු අග‍්‍රාමාත්‍ය හා කැබිනට් කාර්යාලයේ නියෝජ්‍ය ලේකම් Elizabeth Kelly, ඔස්ට්‍රේලියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් Somasundaram Skandakumar, ශ‍්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු මහ කොමසාරිස් Bryce Hutchisson යන මහත්වරුන් එම අවස්ථාවට එක්ව සිටියහ.
 
PMD

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.