• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මැලේරියා රෝගයට යළි හිස එසවීමට ඉඩ ලබා නොදෙන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පවසයි

Hon rajitha senarathnaමැලේරියා රෝගයට යළි හිස එසවීමට ඉඩ ලබා නොදෙන බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි. 



ස්විස්ටර්ලන්තයේ ජිනීවා නුවර පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ 70 වන සැසිවාරයට සමඟාමී ව පැවැති මැලේරියා රෝගය තුරන් කිරිම පිළිබඳ උත්සවයක දී සෞඛ්‍ය අමාත්‍යවරයා ඊයේ (23) මේ බව ප්‍රකාශ කළේය. ආසියා සහ නැගෙනහිර ආසියා රටවලින් මැලේරියා රෝගය තුරන් කිරීමේ සහතිකය ලබාගැනීමට ශ්‍රී ලංකාව සහ මාලදිවයින සමත් වී ඇත.

 

ඒ සඳහා සහයෝගය ලබාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයට සහ අනෙකුත් සංවිධානවලට ස්තූතිය පුද කිරිම වෙනුවෙන් මෙම උත්සවය සංවිධානය කර ඇත්තේ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න ප්‍රමුඛ ශ්‍රී ලාංකික දූත පිරිස විසිනි. 



එහිදී වැඩිදූරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා - "ශ්‍රී ලංකාවේ මැලේරියා රෝගය තුරන් කිරීමට දායක වූ සැමට ස්තූතිය පුද කරනවා. මැලේරියා රෝගය තුරන් කිරීම දූෂ්කර කාර්යයක්. වසර 50ක කාලයක් ඒ සඳහා කටයුතු කිරීමට සිදුවුණා. 1935 දී මැලේරියා රෝගීන් මිලියන 1.5ක් වාර්තා වුවද, 1963 වර්ෂය වන විට රෝගීන් වාර්තා වූයේ 17ක් පමණයි. මැලේරියා රෝගය තුරන් කිරීම සඳහා උපක්‍රමශීලී සැලසුම් දියත් කළ අතර, 2012 වර්ෂය වන විට මැලේරියා රෝගය ලංකාවෙන් සම්පුර්ණයෙන් තුරන් කිරිමට හැකි වුනා. යළි එම රෝගයට හිස එසවීමට ඉඩ ලබා නොදීමට ලක් රජය කටයුතු කරනවා." 



මෙහිදී මැලේරියා රෝගය තුරන් කිරිමට සහයෝගය ලබාදුන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය මාග්‍රට් චෑන් මහත්මිය සහ දකුණු හා නැගෙනහිර ආසියා රටවල අධ්‍යක්ෂිකා ප්‍රනම් චෙත්‍රපාල් සිං මහත්මිය වෙත සෞඛ්‍ය අමාත්‍යවරයා සමරු සිහිවටන එහිදී පරිත්‍යාග කරන ලදි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.