• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති කැන්බරා නුවර වැඩසටහන් රැසකට එක් වෙයි

 
He news 2017 5 24 1ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා ද්විපාර්ශ්වික සබඳතාවල සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතාගේ ආරාධනය පරිදි ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා අද (24) කැන්බරා නුවර පැවති වැඩසටහන් රැසකට එක් විය.



පළමුව කැන්බරා නුවර පිහිටි විද්‍යා හා නවෝත්පාදන රුක් රෝපණ මධ්‍යස්ථානයේ නිරීක්ෂණ චාරිකාවක නිරතවූ ජනාධිපතිතුමා සිය සංචාරය සනිටුහන් කරමින් එහි මහෝගනී පැලයක් ද රෝපණය කරනු ලැබීය.


උද්‍යානය වෙත පැමිණි ජනාධිපතිතුමා පිළිගනු ලැබුවේ එම ප‍්‍රාන්තයේ නීතිපති Gordon Ramsay සහ උද්‍යානයේ අධ්‍යක්ෂ Mr. Scott Saddler යන මහත්වරුන් විසිනි.


ශ්‍රී ලංකාවේ පරිසර අමාත්‍යවරයා ලෙස මෙම ජාතික වනෝද්‍යානයට ජනාධිපතිතුමාගේ පැමිණීම ගෞරවයක් බව එහි අධ්‍යක්ෂවරයා පැවසීය.


ශ්‍රී ලංකාවේ වන ඝනත්වය ඉදිරි වසර කිහිපය තුළ ඉහළ නැංවීම පරිසර අමාත්‍යවරයා ලෙස තම වැඩපිළිවෙළ බව මෙහිදී පැවසූ ජනාධිපතිතුමා ඒ සඳහා ඕස්ට්‍රේලියාවේ අත්දැකීම් හා අධ්‍යයනයන් ඉතා වැදගත්වනු ඇති බව ද කියා සිටියේය.


ඉන් අනතුරුව ඔස්ට්‍රේලියානු ජාතික විශ්වවිද්‍යාලයේ පොදු රාජ්‍ය මණ්ඩලයේ සහයෝගයෙන් ස්ථාපිත කර ඇති ආහාර ද්‍රව්‍ය පර්යේෂණාගාරය නැරඹීමට ද ජනාධිපතිතුමා එක් විය.
 
 
ආහාර නිෂ්පාදන වර්ධනය සඳහා ඔස්ට්‍රේලියාව දියුණු කර ඇති නව ක‍්‍රමවේදයන් සහ නවෝත්පාදනවලින් ශ්‍රී ලංකාවට ප‍්‍රයෝජන රැසක් අත්වනු ඇති බව ජනාධිපතිතුමා එහිදී සඳහන් කළේය.
 
 
ඉන් අනතුරුව ජනාධිපතිතුමා කැන්බරා නුවර පිහිටි සූර්ය බලශක්ති බලාගාරයේ ද නිරික්ෂණ චාරිකාවක නිරත විය.
 
 
අනතුරුව කැන්බරා නුවර පිහිටි කම්බා බෞද්ධ විහාරස්ථානය වෙත පැමිණි ජනාධිපතිතුමා එය වැඳ පුදාගත් අතර ඔස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයේ දී ශ්‍රී ලාංකීක ප‍්‍රජාව සමඟ සුහද හමුවකට ද එක් විය.
 
 
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල හමුව හෙට පෙරවරුවේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පැවැත්වෙයි.
 
 
ජනාධිපතිතුමා සමඟ මෙම සංචාරයට සංචාරක හා ක්‍රිස්තියානු කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග, විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂ තරුණ පෙරමුණේ සභාපති ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ද එක්ව සිටීයහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.