• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කුල දරුවන් 30 දෙනෙකු සසුන්ගත කිරීමේ පුණ්‍ය මහෝත්සවයක් අකුරැස්සේ දී

Burma Myanmar novices and monks by Dietmar2017බුද්ධ ශාසන අමාත්‍යංශය හා බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව ඒකාබද්ධව කුල දරුවන් දහසක් සසුන්ගත කිරීමේ දීප ව්‍යාප්ත වැඩසටහනක් ක්‍රියාත්මක කෙරේ.



ඊට සමඟාමී ව මාතර දිස්ත්‍රික් ශාසනාරක්ෂක බල මණ්ඩලය හා අකුරැස්ස ප්‍රාදේශිය ශාසනාරක්ෂක බලමණ්ඩලය එක්ව සංවිධානය කරනු ලබන කුලදරුවන් 30 දෙනෙකු පැවිදි කිරීමේ පුණ්‍ය මහෝත්සවයක් මැයි මස 27 වන සෙනසුරාදා දින උදෑසන 7.19 ට යෙදෙන සුභ මොහොතින් අකුරැස්ස දශමහා බෝධී සෙනසුන් දී පැවැත්වෙන බව එහි විහාරාධිපති මාතර දිස්ත්‍රික් බෞද්ධ කටයුතු සමායෝජක දිද්දෙනිපොත නන්දරතන හිමියෝ පැවසූහ.


මෙම පුණ්‍ය මහෝත්සවය සඳහා ප්‍රදේශයේ නායක ස්වාමීන් වහන්සේලා සහ බුද්ධ ශාසන අමාත්‍යංශයේ ලේකම් චන්ද්‍රප්‍රේම ගමගේ මහතා, මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතා, බෞද්ධ කටයුතු කොමසාරිස් නිමල් කොටවලගෙදර මහතා ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසකගේ සහභාගිත්වයෙන් සිදු කෙරේ.


දශමහා බෝධි සෙනසුනේ දායක සභාවේ ප්‍රධාන දායකත්වයෙන් මෙම පිංකම සිදු කිරීමට නියමිත ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.