• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මහනුවර නගරයේ රුපියල් මිලියන 369ක වියදමින් සංවර්ධන ව්‍යාපෘති 6ක් අවසන්

phoca thumb l welcome megapolis 2017 logoමහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය විසින් උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය යටතේ සිදුකරන මහනුවර නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් රුපියල් මිලියන 369ක වියදමින් ව්‍යාපෘති හයක් මේ වනවිට  අවසන් කොට ඇත.



ඒ අනුව රුපියල් මිලියන 44.50ක වියදමින් මහනුවර ආතර් සීට් නැරඹුම් මධ්‍යස්ථානය ප‍්‍රතිසංස්කරණය කිරීම, රුපියල් මිලියන 30.89ක වියදමින් හීල්පැන් කඳුර සහ රජ පිහිල්ල ඇල මාර්ග දෙක සංවර්ධනය කිරීම, රුපියල් මිලියන 152.81ක වියදමින් ගැටඹේ සිට හීරැස්සගල දක්වා ජල සම්පාදන නලමාර්ග එලීම, රුපියල් මිලියන 80ක වියදමින් කටුගස්තොට, මඩවල දිගන මාර්ගය හා ධර්මාශෝක මාවත සඳහා අවශ්‍යවන ප‍්‍රධාන ජල නල සැපයීම  මෙන්ම රුපියල් මිලයන 18ක වියදමින් පිරිසිදු කර බෙදාහරින අපතේ යන ජල ප‍්‍රමාණය අවම කර ගැනීම සඳහා අවශ්‍යවන උපකරණ සැපයීම යන ව්‍යාපෘතීන් මහා නගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගේ මග පෙන්වීම මත මහනුවර උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතිය මගින් අවසන් කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.