• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජනපති සහ ඔස්ට්‍රේලියා අගමැති අතර ද්වි පාර්ශ්වික සාකච්ඡා

He news 2017 5 25 11ශ්‍රී ලංකා – ඔස්ට්‍රේලියා සබඳතා තවදුරටත් ශක්තිමත් කරමින් නව ගිවිසුම් තුනකට අත්සන් තැබේ.



ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරයක නිරත ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සහ ඔස්ට්‍රේලියා අග‍්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මහතා අතර නිල හමුව අද (25) පෙරවරුවේ ඔස්ට්‍රේලියානු පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවැත්විණි.


පාර්ලිමේන්තු සංකීර්ණය වෙත පැමිණි ජනාධිපතිතුමා ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍යවරයා විසින් ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූ අතර නායක දෙපළ අතර සුහද කථා බහකින් අනතුරුව දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡා ආරම්භ කෙරිණි.


දෙරට අතර පවතින ද්විපාර්ශවික සබඳතා තවදුරටත් ශක්තිමත් කෙරෙන නව ගිවිසුම් කිහිපයකට ද මෙහිදී නායකයින් ඉදිරියේ අත්සන් තැබිණි.


ශ‍්‍රී ලංකාව සහ ඔස්ට්‍රේලියාව අතර ඒකාබද්ධ ප‍්‍රකාශනයකට ද අත්සන් තැබුණු අතර ඔස්ට්‍රේලියාවේ විදේශ කටයුතු අමාත්‍ය Julie Bishop මහත්මිය සහ ශ‍්‍රී ලංකාවේ විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා ඊට අත්සන් තැබූහ.


එමෙන්ම ඔස්ට්‍රේලියා න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ ආයතනය සහ වකුගඩු නිවාරණ ජනාධිපති කාර්ය සාධන බළකාය අතර අවබෝධතා ගිවිසුමකට ද මෙහිදී අත්සන් තැබුණු අතර ඔස්ට්‍රේලියා න්‍යෂ්ටික විද්‍යා හා තාක්ෂණ ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී ආචාර්ය Adrian Pateson මහතා සහ ඔස්ට්‍රේලියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා ඊට අත්සන් තැබූහ.


අභිප‍්‍රාය ප‍්‍රකාශ කිරීමේ ලිපියට අත්සන් තබන ලද්දේ ඔස්ට්‍රේලියානු භූ විද්‍යා ආයතනයේ ප‍්‍රධාන විධායක නිලධාරී James Johanson මහතා සහ ශ‍්‍රී ලංකා භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය වෙනුවෙන් ඔස්ට්‍රේලියාවේ ශ‍්‍රී ලංකා මහකොමසාරිස් සෝමසුන්දරම් ස්කන්ධකුමාර් මහතා විසිනි.


ඔස්ට්‍රේලියානු අග‍්‍රාමාත්‍ය ලේකම් ආචාර්ය Martin Parkinson, අග‍්‍රාමාත්‍ය සහ කැබිනට් මණ්ඩල ජ්‍යෙෂ්ඨ උපදේශක Sean Starmer, අග‍්‍රාමාත්‍ය ජ්‍යෙෂ්ඨ උපදේශක Philippa King, එරට ජාතික ආරක්ෂක උපදේශක Justin Bassi, එරට විදේශ කටයුතු ලේකම් Frances Adamson, ශ‍්‍රී ලංකාවේ ඔස්ට්‍රේලියානු තානාපති Bryce hutchesson යන මහත්ම මහත්මීන් ද අමාත්‍ය ජෝන් අමරතුංග, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී. පෙරේරා, පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා යන මහත්වරුන් ඇතුළු ශ‍්‍රී ලංකා නියෝජිත පිරිස ද මේ අවස්ථාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.