• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී ජනපති පිළිගැනීමේ විශේෂ උත්සවයක්

He news 2017 5 25 33මේ අතර ඔස්ට්‍රේලියාවේ රාජ්‍ය සංචාරයක නිරතවන ශ්‍රී ලංකාවේ ප්‍රථම රාජ්‍ය නායකයා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා පිළිගැනීම වෙනුවෙන් විශේෂ උත්සවයක් එරට අග්‍රාණ්ඩුකාර නිල නිවසේ දී (Government House ) සංවිධානය කර තිබූ අතර දෙරට අතර ද්විපාර්ශ්වික සාකච්ඡාවලින් අනතුරුව ජනාධිපතිතුමා ඒ සඳහා ද සහභාගී විය.



එහිදී එරට අග්‍රාණ්ඩුකාර Sir Peter Crosgrove  මහතා සහ එම මැතිණිය විසින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා ඉතා උණුසුම් ලෙස පිළිගනු ලැබූහ.


ආචාර වෙඩිමුර 21ක් සහිත හමුදා උත්තමාචාර පිරිනමමින් අභිමානවත් අයුරින් මෙම පිළිගැනීම සිදු වු අතර දෙරටේ ජාතික ගීතයන් ද වාදනය කෙරිණි.


මේ අවස්ථාව සිහිපත් කරමින් ජනාධිපතිතුමා සමරු සටහනක් ද තැබීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.