• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ තොරතුරු දැනගැනීම සඳහා පැය 24 තොරතුරු සේවාව නවීකරණය වේ

FM 2017 526විදෙස් ගතවී රැකියාවක් බලාපොරොත්තු වන පුද්ගලයින්ට හා විදේශයන්හි රැකියාවල නියුතු ලාංකික ශ‍්‍රමිකයින් වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යාංශය පිළිබඳ ව අවශ්‍ය කරන තොරතුරු සැපයීම සඳහා පැය 24 පුරා ක්‍රියාත්මක තොරතුරු සේවාව විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මියගේ උපදෙස් පරිදි නවීකරණය කිරීමට පියවර ගෙන තිබේ. 
 
 
ඒ අනුව කාර්යාංශයේ බත්තරමුල්ලේ පිහිටි ප‍්‍රධාන කාර්යාලයේ ස්ථාපිත කර ඇති මෙම පැය 24 තොරතුරු සේවාව මගින් විදෙස් ගතවීමට බලාපොරොත්තු වන ලාංකිකයින්ට කාර්යාංශය විසින් සපයන සේවාව පිළිබඳ ව තොරතුරු ලබා ගත හැකි අතර, විදෙස් ගතවී රැකියාවල නියුතු ශ‍්‍රමිකයින්ට පවතින ගැටලු සම්බන්ධයෙන් මේ ඔස්සේ කාර්යාංශය දැනුම්වත් කළ හැක.



මීට අමතරව ව්‍යාජ ලෙස තොරතුරු සපයමින් විදෙස් ගත කිරීමට උත්සහ කරන අය සම්බන්ධ ව, ව්‍යාජ රැකියා නියෝජිත ආයතන සම්බන්ධ ව අවශ්‍ය කරන සියලු ම තොරතුරු පහත දැක්වෙන දුරකතනවලට දැන්විය හැකි අතර එම පැය 24 තොරතුරු සේවය විදේශ රැකියා අමාත්‍යවරියගේ ඝෘජු අධීක්‍ෂණයට ගෙන ඇත. 


අමාත්‍යවරිය විසින් කාර්යාංශයේ නිලධාරීන්ට උපදෙස් දී ඇත්තේ පැය 24 තොරතුරු සේවාවට ලැබෙන පැමිණිලි සම්බන්ධයෙන් කාර්යාංශයේ සමත අංශය හා විශේෂ විමර්ශන අංශය අවශ්‍ය කඩිනම් විසඳුම් ලබාදීමට ක්‍රියාකළ යුතු බවයි. මීට අමතර ව කාර්යාංශයේ සේවාවන් ලබාගැනීම සඳහා කිසිඳු විටෙක කාර්යාංශයේ නිලධාරීන්ට අල්ලස් ලබාදීමට කටයුතු නොකරන ලෙසත්, එසේ අල්ලස් ඉල්ලීම් සිදුකරන පුද්ගලයින් පිළිබඳ ව කාර්යාංශයේ අමාත්‍යවරයාගේ කාර්යාලය දැනුම්වත් කරන ලෙසත් අමාත්‍යවරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි. රටේ වැඩිම ආදායමක් උපයන ආයතනය ලෙස කාර්යාංශය මහජනතාවට ලබාදෙන සේවාවන් කඩිනම් කිරීම හා ගුණාත්මක සේවාවක් සැපයීම මේ හරහා බලාපොරොත්තු වන බව අමාත්‍යවරිය සඳහන් කළ අතර, කාර්යාංශයේ නිලධාරීන් මහජනයා වෙනුවෙන් ලබාදෙන සේවාව සම්බන්ධයෙන් තමන් සතුටට පත්වන බවත් සඳහන් කළාය. 



පැය 24 සේවාවේ නව දුරකතන අංකයන් මෙසේය.


දුරකතන : 009411-2879900
             : 009411-2879901
             : 009411-2879902



ෆැක්ස් අංකය : 009411-2879903


ලිපිනය - නො.234, ඩෙන්සිල් කොබ්බෑකඩුව මාවත, කොස්වත්ත, බත්තරමුල්ල


එසේම විදේශ රැකියා අමාත්‍යංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය හා විදේශ රැකියා ඒජන්සි ආයතනය යන ආයතන සම්බන්ධ ව මාධ්‍ය වෙත අවශ්‍ය තොරතුරු දැනගැනීම සඳහා විදේශ රැකියා අමාත්‍යවරියගේ මාධ්‍ය ලේකම් නලින් රාජපක්‍ෂ මහතා පහත දුරකතන අංකයන් ඔස්සේ සම්බන්ධ කරගත හැකිය. විදේශ රැකියා ක්ෂේත‍්‍රය සම්බන්ධ ව අවශ්‍ය  ඕනැම තොරතුරක් දැනගැනිම සඳහා එම අංකයට ඇමතිය හැක.
 
 
 
නලින් රාජපක්‍ෂ
 
 
දුරකතන අංකය  - 071 087 31 10. 
 
 
මාධ්‍ය ඒකකය දුරකතන හා ෆැක්ස් අංකය 0112 864 150
 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.