• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ල දිස්ත්‍රික්කයේ නවතම ආපදා තත්ත්වය

floodගාල්ල දිස්ත්‍රික්කයේ නෙළුව තවලම, උඩුගම, ප්‍රදේශවල ප්‍රවේශ මාර්ග ජලයෙන් යට වී ජීවිතාරක්ෂක බෝට්ටු වලට පවා -අදාළ පෙදෙස් වෙත ලගා වීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී ඇති බවත්, සිර වී සිටින ජනතාව බේරා ගැනීමට හෙලි කොප්ටර් යානා යොදවා ගැනීමට සිදුව ඇති බවත් ගාල්ල දිස්ත්‍රික් ලේකම් එස්. ටී. කොඩිකාර මහතා අද උදෑසන පැවති (25) විශේෂ ආපදා කළමනාකරණ රැස් වීමේ  දී පැවසීය.
 
 
මේ වන විට නෙළුව සහ තවලම යන ප්‍රදේශ අඩි 25ක් පමණ ඉහළ ජලයෙන් යට වී ඇති බව ගාල්ල මාතර දිස්ත්‍රික වාරිමාර්ග අධ්‍යක්ෂ දීපිකා ත්‍රිමා විතාරණ මහත්මිය සඳහන් කළාය. එමෙන්ම ගිං ගඟ ආශ්‍රිත ව පහළ ප්‍රදේශයන්හි එනම් යක්කල මුල්, බද්දේ ගම උඩුගම යන ප්‍රදේශයන් වෙත ඉදිරි පැය කිහිපය තුළ ජලය ගලා එන බැවින් ජනතාවට දැඩි විමසිලිමත්ව සිටන ලෙසට ඒ මහත්මිය වැඩිදුරටත් අණාවරණය කළාය. 
 
 
එමෙන් ම ශ්‍රී ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 212 සහ එම්. අයි 17 හෙලිකොප්ටර් මේ සඳහා යොමු කර ඇති බව  දිස්ත්‍රික් ලේකම් එස්. ටී කොඩිකාර වැඩිදුරටත් සඳහන් කර සිටියේ ය.  මෙහිදී ප්‍රමුඛ තාවය ලබා දිය යුත්තේ ජීවිත බේරා ගැනීමේ කටයුතු සඳහා බවත්, ඉන් පසුව අවතැන් වූවන් සඳහා පහසුකම් සැපයීමේ කටයුතු සම්බන්ධීකරණය කරන ලෙසත් සියලු ම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ ය.
 
 
අදාළ ප්‍රදේශ වල විදුලිය සහ දුරකතන ක්‍රියා විරහිත වී ඇති බැවින් අවතැන් වූවන් පිළිබඳ ව තොරතුරු ලබා ගැනීම දුෂ්කර වී ඇති බව ට ගාල්ල දිස්ත්‍රික් ආපදා කළමණාකරණ ඒකකය පැවසීය. මෙම සහන සැල සීම සහ ජනතාව මුදාව ගැනීමේ මෙහෙයුම් සඳහා ශ්‍රී ලංකා යුධ හමුදාව, නාවුක හමුදාව, සහ ගුවන් හමුදාවේ සක්‍රීය දායකත්වය ලබා දීමට එකඟ වූ අතර , නාවුක හමුදාව වෙත අවතැන් වූ පිරිස් මුදවා ගැනීම සඳහා විශේෂ බෝට්ටු සේවවාක් ද ක්‍රියාත්මක කර ඇත. 
 
 
පසු ගිය පැය 24 කාලය තුළ, දෙනියාය ප්‍රදේශයට, මිලි. මී 300 ක වර්ෂාපතනයක් ද, ලංකාගම ප්‍රදේශයට මි.මී. 325 ක වර්ෂාපතනයක් සහ තවලමට මි.මී 284 සහ බද්දේගමට මි.මී 85 ක වර්ෂාපතනයක් ලැබී  තිබිණි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.