• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ජලගැලීම් වලින් තංගල්ල හා අවට ප්‍රදේශවල 1200 කට පිඩා

Hon delip wedhaarachchiඅධික වර්ෂාවත් සමඟ තංගල්ල , බෙලිඅත්ත, වීරකැටිය හා වලස්මුල්ල ඇතුළු ප්‍රදේශවල ජලගැලීම් වලින් විපතට පත් ජනතාවට කඩිනමින් සහන සැලසීමට අවශ්‍ය සියලු ම පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය , හම්බන්තොට දිස්ත්‍රික් සම්බන්ධිකරණ කමිටුවේ සම සභාපති දිලිප් වෙදආරච්චි මැතිතුමා පැවසීය.
 



රාජ්‍ය අමාත්‍යවරයා එහිදී තවදුරටත් පැවසුවේ,  දිස්ත්‍රික්කයේ සියලු ම රාජ්‍ය නිලධාරීන්ට මේ වන විට සහන සැලසීම පිළිබඳ අවශ්‍ය උපදෙස් ලබාදුන් බවයි.



අවතැන් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා ගෙන යාමට මෙන්ම එම ජනතාවට පිසූ ආහාර ලබා දීමටත් අත්‍යවශ්‍ය පහසු කම් සැලසීමටත් කඩිනම් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා විසින් කටයුතු කරනු ලැබිය.



ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් සිය නිවාස වලින් ඉවත් වීමට නොහැකි ජනතාව ආරක්‍ෂිත ස්ථාන වෙත රැගෙන යාමට නාවික හමුදාවේ සහය ලබා ගනිමින් ඒ සඳහා අවශ්‍ය බෝට්ටු ලබා දීමට ද කටයුතු කළේය.




පවතින වැසි සමඟ ඇතිවූ ජල ගැලීම් හේතුවෙන් තංගල්ල ග්‍රාමනිලධාරී වසම් 13 ක 711 දෙනෙකු මේ වන විට පිඩාවට පත්ව සිටි. බෙලිඅත්ත ප්‍රදේශයෙන් මරණ දෙකක් වාර්තා වී ඇති අතර දම්මුල්ල ප්‍රදේශය ජලයෙන් යට වී ඇතැයි තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පැවසීය.  ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ වාර්තා වලට අනුව කටුවන ග්‍රාම නිලධාරිවසම් 13 ක 104 දෙනෙකු, ඕකෙවෙල පවුල් 17ක්, අබේසේකර ගම 15 , වීරකැටිය ග්‍රාමනිලධාරී වසම් 09ක 200 ක් , වලස්මුල්ල ග්‍රාමනිලධාරී වසම් 08 ක 252ක් පිඩාවට පත්ව සිටිති.



ඊට අමතර ව නිවාස හා දේපළ රැසකට හානි සිදුව ඇති අතර හාදගල ගම්මානයට යන සියලු ම මාර්ග අවහිර වී ඇති බවට තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට වාර්තා වී තිබේ.



මෙම තත්ත්වය හමුවේ අවහිර වී ඇති මාර්ග යථා තත්වයට පත් කිරීමට අවශ්‍ය කටයුතු සඳහා බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් එම කටයුතු ආරම්භ කිරීමට අවශ්‍ය පියවර ගෙන ඇති අතර තවදුරටත් ජල ගැලීම් හෝ අවදානම් ස්ථාන වලින් ජනතාව ආරක්‍ෂිත ස්ථාන කරා යොමු කිරීමට කඩිනමින් පියවර ගන්නා ලෙස ප්‍රාදේශීය ලේකම් ඇතුළු නිලධාරීන්ට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා උපදෙස් ලබා දුන්නේය.


 
 ඊට අමතර ව සහන කටයුතු සඳහා රාජ්‍ය අමාත්‍යවරා විසින් තම නිලධාරීන් ද යොදවා එම කටයුතු කඩිනමින් සිදු කිරීමට අවශ්‍ය පියවර ගනු ලැබීය.



පවතින අයහපත් කාලගුණ තත්ත්වය පිළිබඳ නිරන්තර අවධානයෙන් සිට අවශ්‍ය  සියලු සහන සැලසීමට  කටයුතු සම්පාදනය සඳහා පෞද්ගලිකවම මැදිහත් වෙමින් එම කටයුතු පිළිබඳ ව සොයා බැලීමට රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා කටයුතු කරමින් සිටි.




තංගල්ල ප්‍රාදේශීය ලේකම් කාර්යාලය
                               047-    2240038
                               047 – 2240238

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.