• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගංඟා ආශ්‍රිත ඉහළ පෙදෙස්වලට වැසි අඩුවුවත් පහළ පෙදෙස්වලට ගංවතුර තර්ජන

bad climetදැඩි වර්ෂාපතනය හේතුවෙන් ඇතිවූ ගංවතුර පහත් බිම් ප්‍රදේශවෙත ගලායමින් පවතින බැවින් ගංඟා අවට අවදානම් ප්‍රදේශයන්හි පදිංචි අයට ආරක්ෂිත ස්ථාන වෙත ගමන් කරන ලෙස රජය ඉල්ලා සිටියි.




සිංහරාජයල නෙළුවල තවලමල හිනිදුමල මොරවකල ගාල්ල මාතරල රත්නපුරය කෑගල්ල ප්‍රදේශයන්ට ඇතිවූ අධික වර්ෂාව හේතුවෙන් නිල්වලා ගඟල ගිං ගඟල පොල්අතුමෝදරල බෙන්තර ගඟල මාදු ගඟල කළුගඟ හා කැලණි ගඟ පිටාර ගලා ඇති අතර නිල්වලා ගඟල ගිංගඟල කළුගඟල බෙන්තර ගඟල කැලණි ගඟ මහා ගංවතුර තත්ත්වයක් දක්වා වර්ධනය වී ඇති බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.



ගංවතුර හා වැසිජලය එක්වීම හේතුවෙන් අවතැන්වී හා විපතට පත්ව සිටින ජනතාව බේරාගැනීම සඳහා විශේෂ මෙහෙයුම් දියත් කර ඇති බව රජය පවසයිග මේ සඳහා ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා හතරක් හා විශේෂ නිරීක්ෂණ යානයක් යොදවා තිබේග විපතට පත්වූවන් බේරාගැනීම සඳහා නාවික හමුදාව ඩිංගි බෝට්ටු 21ක් සහ නාවික නිලධාරීන් 85 දෙනකු යොදවා ඇති අතර යුද හමුදාව විසින් සෙබළු 300ක් හා සන්නද්ධ රථ හයක් මෙහෙයුම් කටයුතු සඳහා යොදවා ඇත.


අද (26) දහවල් 12ග00 වනවිට දෙනියායල පිටබැද්දරල මොරවකල නෙලුව හා තවලම ප්‍රදේශවල වැසි නතර වී තිබූ අතරල රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුරයල මිල්ලකන්ද ප්‍රදේශවලට වැසි පතිතවෙමින් තිබිණිග කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ඉදිරි පැය 24ක කාලයේ දී මිලි මීටර 150ට වඩා වැසි තත්ත්වයන් බස්නාහිරල සබරගමුවල දකුණල මධ්‍යම හා වයඹ පළාත්වල ගිගුරුම් සහිත තද වැසි ඇතිවිය හැකි බවයිග දිවයින වටා මුහුදු තීරයේ සුළං තත්ත්වය පැයට කිලෝ මීටර 60-70 දක්වා රළු විය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවයි.


වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ ගිංගඟල නිල්වලා ගඟල කළුගඟල කැලණි ගඟ හා බෙන්තර ගඟ ඉහළ පෙදෙස් වලට මේ වනවිට වැසි නැවතී තිබුණ ද ඊයේ (25) හටගත් ගංවතුර තත්ත්වය ගංඟා පහළට ගමන් කරන බැවින් ගංඟා පහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වය තවදුරටත් වැඩිදියුණු විය හැකි බවයිග මේ හේතුවෙන් ඉදිරි පැය 24 තුළ ගාල්ල දිස්ත්‍රික්කයේ යක්කලමුල්ලල උඩුගමල ඇල්පිටිය ප්‍රදේශවලට ජලය ගලා ඒමෙන් මහ ගංවතුර තත්ත්වයක් ඇතිවන බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයිග මෙම ප්‍රදේශයන්හි අනතුරුදායක කලාපයන්හි ජීවත්වන ජනතාවට ඉවත්වන ලෙස රජය දැනුම් දෙයි.


කැලනි ගඟේ ජල මට්ටම ද වේගයෙන් ඉහළ යමින් පවතින බැවින් පසුගිය 2016 කැලනි ගඟේ ගංවතුරෙන් හානියට පත් නිවාසවල පදිංචිකරුවන්ට ද වහාම ආරක්ෂිත ස්ථාන වෙත ඉවත්ව යන ලෙස රජය දැනුම් දී ඇත.


වර්ෂාපතනය ඉදිරි පැය 24 තුළ අඛණ්ඩව පැවතුනහොත් නාය යාමේ අවදානම සහිත ප්‍රදේශවලින් ඉවත්වන්නැයි ජාතික ගොඩනැගිලි හා පර්යේෂණ සංවිධානය අනතුරු අඟවයිග රත්නපුරල කෑගල්ලල ගාල්ලල කළුතරල මාතරල හම්බන්තොටල නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලට විශේෂ අවධානය යොමුකළ යුතු බව ද එම ආයතනය දැනුම් දෙයි.


ගංවතුර හේතුවෙන් කොළඹ කතරගම ප්‍රධාන මාර්ගය තංගල්ල නගරයෙන් වසා දමා ඇති බව ද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.