• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවට පත් ජනතාවට කඩිනමින් වන්දි

Rajitha senarathna 2017 picඅයහපත් කාලගුණය හේතුවෙන් විපත් ජීවිත අහිමි වූවන්ට වන්දි ලබාදීමටත් නිවාස හා දේපොළ හානි වෙනුවෙන් කඩිනමින් වන්දි ලබාදීමටත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සියලු නිලධාරීන්ට උපදෙස් ලබා දුන් බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 




කළුතර අද (27) පැවති විශේෂ සාකච්ඡාවකදී ජනාධිපතිවරයා මෙම උපදෙස් ලබා දුන් බව අමාත්‍යවරයා අද (27) ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවති මාධ්‍ය හමුවේදී පැවසීය.


සෞඛ්‍යාරාක්ෂිතව ජනතාවට ආහාර ලබාදීම වෙනුවෙන් පිසූ ආහාර  පිළියෙළ කිරීම එකම ස්ථානයක සිදු කිරීමට තීරණය කර තිබෙන අතර ත්‍රිවිධ හමුදාවේ මැදිහත් වීමේ ආහාර සකස් කිරීමේ කටයුතු සිදු කරනු ලබයි. එම පිසූ ආහාර දිස්ත්‍රික් ලේකම්වරුන් සහ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා විධිමත් ලෙස සිදු කෙරෙනු ඇති බව පෙන්වා දුන්නේය.


අවශ්‍ය සහන කටයුතු සඳහා චක්‍ර ලේඛනවලට යට නොවී සාධාරණ ලෙස අවශ්‍ය කටයුතු සිදු කිරීමට නිලධාරීන්ට උපදෙස් ලබාදී තිබෙන අතර පීඩාවට පත් ජනතාවට ජීවන තත්ත්වය ගොඩනැගීමේ වගකීම රජය සම්පූර්ණයෙන් ම භාර ගෙන තිබෙන බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.