• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මැයි මස 29 දින සිට වැසි තත්ත්වයේ වැඩිවීමක් - කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව

raignතද වැසි තත්ත්වයේ තාවකාලිකව අඩු වීමක් දක්නට ලැබුනද  නැවතත් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවලට වැසි තත්ත්වයේ වැඩිවීමක් මැයි මස 29 දින සිට අපෙක්ෂා කරන බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව අද (27) නිකුත් කළ නිවේදනයේ සඳහන් වෙයි.

 




බස්නාහිර, සබරගමුව, දකුණු, මධ්‍යමසහ වයඹ පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ. සමහර ස්ථාන වල (මි.මි. 100 පමණ) තද වැසි බලාපොරොත්තු විය හැක.


අනෙකුත් පළාත්වල (විශේෂයෙන් ඌව සහ නැගෙනහිර පළාත්වල) සවස්කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.



දිවයින හරහා විටින් විට හමන පැ.කි.මී.50-60 දක්වා වනතරමක් තද සුළං බලාපොරොත්තු වේ. වැසි ඇතිවන අවස්ථා වලදී මෙම සුළං වේගය තවදුරටත් ඉහළ යා හැකි බවද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.