• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අවතැන් පුද්ගලයින් සංඛ්‍යාව 493,455 දක්වා ඉහළට

Hon rajitha senarathnaඅයහපත් කාලගුණය හේතුවෙන් මේ වන විට අවතැන් වූ පුද්ගලයින් සංඛ්‍යාව 493,455 දක්වා ඉහළ ගොස් ඇති අතර සුරක්ෂිත මධ්‍යස්ථාන 185ක් ස්ථාපිත කර තිබෙන බව සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පැවසීය.

 




ආපද කළමනාකරණ මධ්‍යස්ථානයේ අද (27) පස්වරුවේ පැවැති මාධ්‍ය හමුවේදී ඒ මහතා මේ බව සඳහන් කළ අතර මේ වන විට ජීවිත අහිමි වීම් 113ක් වාර්තා වන බව ද සදහන් කළේය.


ඒ මහතා ප්‍රකාශ කළේ වසන්ගත රෝග පැතිර යාම වැළැක්වීම සඳහා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු වෛද්‍ය කණ්ඩායම් සඳහා උපදෙස් ලබාදෙමින් සුරක්ෂිත මධ්‍යස්ථාන සඳහා යොමු කර ආරක්ෂිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර තිබෙන බවයි.



මෙම ප්‍රදේශවල රෝහල්වලට ද ආපදා තත්ත්වය හේතුවෙන් බලපෑම් ඇති වුවද සෞඛ්‍ය සේවාවන් ක්‍රියාත්මක කිරීම සඳහා අවශ්‍ය පියවර මේ වන විටත් ගෙන තිබෙන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.