• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ජනපති ප්‍රධානත්වයෙන්

heවිපතට පත් ජනතාවට සහන සැලසීමේ කටයුතු කඩිනම් කිරීම වෙනුවෙන් සාකච්ඡාවක් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (27) පෙරවරුවේ කඑතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.



ඔස්ට්‍රේලියාවේ තෙදින රාජ්‍ය සංචාරය නිමාකර දිවයිනට පැමිණි මොහොතේම ජනාධිපතිතුමා  විපතට පත් ජනතාව පිළිබද තොරතුරු විමසීමෙන් අනතුරුව එම සහන සැලසීමේ ඉදිරි ක්‍රියාමාර්ග විධිමත් කිරීම වෙනුවෙන් මෙම සාකච්ඡාව කැදවා තිබිණි.



අමාත්‍යවරුන් වන වජිර අබේවර්ධන, රාජිත සේනාරත්න, මහින්ද සමරසිංහ, නියෝජ්‍ය අමාත්‍ය අජිත් පී.පෙරේරා, බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍ය ඉසුර දේවප්‍රිය, පා.ම මලිත් ජයතිලක යන මහත්වරුන් ඇතුඑ පළාත් සභා මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් පී.බී අබේකෝන්, ආරක්ෂක ලේකම් කරුණාසේන හෙට්ටිආරච්චි,  යන මහත්වරුන් ද කඑතර දිස්ත්‍රික් ලේකම් ඇතුඑ රාජ්‍ය නිලධාරීන් ද ත්‍රිවිධ හමුදාපතිවරු, පොලිස්පති ඇතුඑ ආරක්ෂක අංශ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.