• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය පරිදි කැඳවීමට ආයතන ප්‍රධානීන්ට උපදෙස්

sri lanka floods 5 2017 1සති අන්තයේ දිනයක් වුවද විපතට පත්වූවන්ට සහන සැලසීම සඳහා රාජ්‍ය නිලධාරීන් අවශ්‍ය පරිදි කැඳවාගන්නා ලෙස රජය සියලු ආයතන ප්‍රධානීන්ට දැනුම් දෙයි.



මේ දක්වා සහන සේවා සාර්ථකව ක්‍රියාත්මක වූ අතර ඉදිරියටද කිසිදු අවහිරතාවකින් තොරව විපතට පත්වූවන් වෙනුවෙන් සහන සැලසීමට රාජ්‍ය නිලධාරීන්ගේ උපරිම දායකත්වය ලබා ගැනීම වෙනුවෙන් රජය මෙම පියවරට එළඹ තිබේ. ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය දැනට යොදවා ඇති නිලධාරීන්ට අමතර ව අවශ්‍යතා මත තවත් පිරිස් කැඳවා ගැනීමට අවශ්‍ය පියවර ගෙන ඇත.



ජලයෙන් යටවූ ප්‍රදේශ රැසක ජලය බැස යමින් පවතී. එහෙත් පහත් බිම් සහ ගිං, නිල්වලා සහ කළු ගංගාවල ජලය තවදුරටත් ඉහළ මට්ටමක පවතී. 



ආපදා තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් 415618ක් බලපෑමට ලක්ව සිටින අතර පුද්ගලයින් 122ක් ජීවිතක්ෂයට පත් වී තිබේ. තවත් 97 දෙනෙක් අතුරුදන්ව සිටිති. එසේම නිවාස 187ක් පූර්ණ වශයෙන් හානියට ලක්ව ඇති   අතර නිවාස 1602 අර්ධවශයෙන් හානියට පත්ව තිබේ.


ආපදාවට ලක්වූ දිස්ත්‍රික්කවල ප්‍රදේශ රැසක විදුලිය බිඳවැටී ඇතර ඒවා කඩිනමින් යථා තත්ත්වයට පත්කිරීමට කඩිනම් පියවර ගැනීමට විදුලිබල හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍යංශය විශේෂ වැඩපිළිවෙළක් සකස් කර ඇත. ඒ අනුව විදුලිබිඳ වැටීම් පිළිබඳ දැනුම් දීමට 1987 (ලංකා විදුලිබල මණ්ඩලය), 1910 (විදුලි පුද්ගලික සමාගම) හා 1901 (විදුලිබල අමාත්‍යංශය) යන අංක මේ සදහා අළුතින් හඳුන්වාදී තිබේ.



ප්‍රදේශ රැසක කඳු හා ගස් කඩා වැටීම හේතුවෙන් ඇතිවූ මාර්ග අවහිරතා කඩිනමින් ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරියට අවශ්‍ය උපදෙස් ලබා දී ඇත. 
ගංවතුර බැස සමඟ ඇතිවිය හැකි බෝවන රෝග පැතිරීම වැළැක්වීම සඳහා අවශ්‍ය ඹෟෂධවර්ග කිසිදු හිඟයකින් තොරව ආපදාවන්ට ලක්වූ ප්‍රදේශවෙත යොමු කරන්නැයි සෞඛ්‍ය අමාත්‍යවරයා බලධාරීන්ට උපදෙස් ලබා දී ඇත.


සහන සේවා සැලසීමට හා හානි ප්‍රතිපූර්ණය සඳහා අවශ්‍ය මූල්‍ය ප්‍රතිපාදන කිසිදු බාධාවකින් තොරව කඩිනමින් නිකුත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යංශ ලේකම්වරයාට උපදෙස් ලබා දී තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.