• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

තද සුළං සහ රළු මුහුදු ප්‍රදේශ වල නවත ම කාලගුණික තත්ත්වය

climateනිරිතදිග මෝසම් කාලගුණ තත්ත්වය දිවයින හරහා සහ දිවයින වටා වන මුහුදු ප්‍රදේශවල ස්ථාපිත වී ඇති නිසා සුළං තත්ත්වය තවදුරටත් අපේක්ෂා කෙරෙන බව ස්වාභාවික විපත් පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානය පවසයි. 


දිවයින හරහා විටින් විට හමන පැ.කි.50-60 දක්වා වන තරමක් තද සුළං බලාපොරොත්තු විය හැකි බවත්, වැසි ඇති වන අවස්ථාවලදී මෙම සුළං වේගය තවදුරටත් ඉහළ යා හැකි බවත් එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.


පුත්තලම සිට කන්කසන්තුර හරහා ත්‍රීකුණාමලය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා මඩකලපුව දක්වා වන මුහුදු ප්‍රදේශවල විටින් විට සුළගේ වේගය විටක පැ.කි. 60-70 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු විය හැක.


දිවයින වටා වන සෙසු මුහුදු ප්‍රදේශ වල සුළගේ වේගය විටක පැ.කි.මි.60 දක්වා වැඩි විය හැකි බැවින් එම මුහුදු ප්‍රදේශ විටින් විට රළු විය හැකි බවද එම මධ්‍යස්ථානය පෙන්වා දෙයි.


ධීවර සහ නාවික ප්‍රජාවගෙන් මේ සම්බන්ධයෙන් විමසිලිමත් වන මෙන් එම මධ්‍යස්ථානය වැඩිදුරටත් ඉල්ලා සිටිී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.