• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

කළුතර, පානදුර ප්‍රදේශවාදීන් අවධානයෙන් සිටින්න, නිලවලා ගඟේ බැමි අසළින් ඉවත් වෙන්න

kalutara districtකළුතර පනාපිටිය වේල්ල උතුරායාමට ඉඩකඩක් ඇති බැවින් කළුතර, පානදුර සහ වාද්දුව ප්‍රදේශවල ජනතාවට අවධානයෙන් සිටින්නැයි ඉල්ලීමක් කෙරේ.




මේ සම්බන්ධයෙන් පොලීසිය ඇතුළු වෙනත් ආපදා අංශවලින් කරන නිවේදන සම්බන්ධව විමසිල්ලෙන් සිටින ලෙසත් කටකතාවලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටි. පනාපිටිය වේල්ලේ ආරක්ෂිත බැමි ඉදි කිරීම දැනටමත් ආරම්භ කර ඇති අතර ජනතාව මේ පිළිබඳ අවධානයෙන් සිටින ලෙස ද ඉල්ලා සිටි.


මේ අතර නිල්වලා ගඟේ සහ ගිං ගඟේ ජල මට්ටම අඩුවෙමින් ගිය ද අවධානම් තත්ත්වය පහව ගොස් නැතැයි ජාතික ආපදා කළමනාකරණ මධයස්ථානය පවසයි. මාතර නගරයට හා ඒ අවට ප්‍රදේශ ගංවතුරෙන් යටවීම වැළැක්වීම සඳහා යොදා ඇති ගංවතුර බැමි කඩා මාතර ගඟේ ජලය බැස්සවීමට කටයුතු කර ඇතැයි පැතිරයන ආරංචි සාවද්‍ය බව ද රජය නිවේදනය කරයි.



මෙම බැමි හේතුවෙන් විශාල ප්‍රදේශයක් ගංවතුරෙන් ආරක්ෂා වී තිබේ. බැමි ඉදිකරන ලද්දේ ගිං ගඟ හා නිල්වලා යෝජනා ක්‍රම යටතේය. එම බැමි පස්යොදා සකසා ඇති බැවින් ගංඟා දෙකෙහි ජලය ඉහළ ගොස් බැමි උතුරා ගියහොත් බැමි කැඩී යා හැකි බවට වාරිමාර්ග දෙපාර්තමේන්තුව කලින් අනතුරු අඟවා තිබිණි. නිල්වලා ගඟේ බැමිවලට ඉහළින් මේ දක්වාම ජලය ගමන් කරමින් පවතී. එමෙන් ම නිල්වලා ගඟේ සහ ගිං ගඟේ බැමි ස්ථාන කිහිපයකින් ම ජල කාන්දු හටගෙන ඇති බව ද වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. එම ස්ථාන සඳහා වැලි කොට්ට යොදා ආරක්ෂිත පියවර ගැනීමට නාවික හමුදාව කටයුතු යොදා ඇත. ගාල්ල හා මාතර දිස්ත්‍රික් වාරිමාර්ග අධ්‍යක්ෂිකා ඉංජිනේරු දීපිකා ත්‍රිමහවිතාන මහත්මිය   පවසන්නේ ගංවතුර අඩුවෙමින් පැවතිය ද ජලය තවදුරටත් පවතින බැවින් බැමි කැඩී යාමේ අවධානම අඩුවී නැති බවයි.



එබැවින් තවදුරටත් ගංවතුර වැළැක්වීමේ පස්බැමි ආසන්නයෙන් ඉවත්ව සිටින ලෙස ද ඒ අවට පදිංචිකරුවන්ගෙන් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ඉල්ලා සිටියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.