• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගිංගගේ ඉවුර කැඩීබිඳී යාමේ අවධානමක්

Gain gaga floodගිංගගේ දෙපස ජනතාව දැඩි විමසිලිමත්ව පසුවිය යුතු බවටත් එහි ඉවුරු කැඩී බිදී යාමේ අවධානමක් මතුව ඇතැයි ගාල්ල මාතර වාරි මාර්ග අධ්‍යෂිකා  දීපිකා ත්‍රිමාවිතාන මහත්මිය  අවධාරණය කරයි.

 




ඒ මහත්මිය මේ අදහස් පළ කළේ අද  උදෑසන දිස්ත්‍රික් ලේකම්වරයා විසින් කැඳවනු ලැබු හදිසි ආපදා කමිටු රැස්වීමක් අතරතුරය.  


මේ වනවිටත් බද්දේගම ප්‍රදේශයේ වේලි කිහිපයකින්  ජලය කාන්දුවිමට පටන් ගෙන ඇති බවත් ඒ ස්ථාන ආරක්ෂාකර ගැනිම සඳහා හමුදා කණ්ඩායම් රැසක් වැලි ගෝනි ගැසිම සඳහා යොදවා ඇතැයි ද ඇය සඳහන් කළාය.


එමෙන් ම වක්වැල්ල  ජල සම්පාදනාගාරයේ ක්‍රියාත්මක වන ජල පොම්ප දෙකක් ගලවා ඇති අතර  පොම්පාගාරයට අඩි 3 ක් පමණ පහළින්  හිඩසක් පමනක් ඉතිරි වි ඇති අතර කිසියම් තත්වයක් මත ජල තත්වය ඉහළ ගියහොත් ඉතිරි පොම්ප දෙකම ගලවා දැමිමට සිදුවිය හැකි බව ගාල්ල ජලසම්පාදන  ප්‍රාදේශීය ඉංජිනේරු එම්.කේ. ලෙස්ටි මහතා  මෙහි දී සඳහන් කර සිටියේ ය. එවැනි තීරණයක් ගතහොත් රත්ගම, බෝපෙ පෝද්දල, අක්මීමන, අහංගම, හබරාදුව ප්‍රදේශයන් හි ජල සැපයුම නතර කර ලීමට සිදුවන බවත් ඒබැවින් එම ප්‍රද්ශයන්හි ජනතාව හැකි තාක් පානිය ජලය  රැස් කර තබා ගන්නා ලෙස ගාල්ල දිසා ලේකම් එස්. ටී. කොඩිකාර මහතා ප්‍රදේශයේ  ජනතාවගෙන් ඉල්ලා සිටි.


අද උදෑසන වන  විට ගාල්ල දිස්ත්‍රික්කයේ මිය ගිය ගනන 09  දක්වා වැඩි වි ඇති අතර අතුරුදහන් විම 10 දක්වා වැඩි වි ඇත.



මේ වනවිට ග්‍රාම සේවා  කොට්ඨාස  337ක  පවුල් 28270 ක සාමාජිකයින්‍ 114161 පීඩාවට පත්ව ඇති අතර සහන සේවා කදවුර 11 ස්ථාපිත කොට ඇත. මෙම හදිසි හමුව සඳහා ස්වදේශ කටයුතු ගරු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා නියෝජ්‍ය අමාත්‍ය මනුශ නානයක් කාර මහතා, ප්‍රදාන අමාත්‍ය ශාන් විජේ ලාල් ද සිල්වා සහ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජේපාල හේට්ටිආරච්චි යන මහත්වරුන් රැසක් එක්ව සිටියහ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.