• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

අපදාවන්ට ලක් වූ ප්‍රදේශවල පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණ ගැනීමේ බලය විදුහල්පතිවරුන්ට

schooඅපදාවන්ට මුහුණ පා ඇති ප්‍රදේශයන්හි පාසල් පැවැත්වීම හෝ නොපැවැත්වීම පිළිබඳ තීරණය කිරීමේබලය අදාළ පාසල් වල විදුහල්පතිවරුන්ට පැවරීමට අධ්‍යාපන අමාත්‍යවරයා තීරණය කර ඇත.



අපදාවන් හේතුවෙන් තම පාසලට එල්ලවන බලපෑම සහ අවදානම් තත්ත්වයන් පිළිබඳ අවදානය යොමු කරමින් විදුහල්පතිවරුන්ට මෙම තීරණය ගැනීම අවසරය ලබා දී තිබේ.


එමෙන්ම අදාළ තීරණය පිළිබඳ පළාත් පාසලක් නම් පළාත් හෝ කළාප අධ්‍යාපන අධ්‍යක්ෂවරුන් සහ ජාතික පාසලක් නම් ජාතික පාසල් අධ්‍යක්ෂවරයා දැනුම්වත් කිරීමට පියවර ගන්නා ලෙසද විදුහල්පතිවරුන්ට උපදෙස් ලබා දී තිබේ.


අපදාවන් හේතුවෙන් පීඩාවට පත් දරුවන් පිළිබඳ තොරතුරු ඇතුළත් වාර්තාවක් හැකි ඉක්මනින් තමා වෙත ලබා දෙන්නැයි අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විසින් නිලධාරීන්ට උපදේස ලබා දී තිබේ.



පාසල් දරුවන් සඳහා අවශ්‍ය පෙළපොත්,නිලඇදුම් සහ අනෙකුත් අත්‍යාවශ්‍ය ද්‍රව්‍ය ලබා දීම සඳහාත්,අවශ්‍ය සෙසු සහන සැලසීම සඳහාත් මෙලෙස තොරතුරු ලබා ගැනීමට තීරණය කොට ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.