• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගම්පහ දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය

gampaha disrticගම්පහ දිස්ත්‍රික්කයේ අධික වර්ෂාව, අධික සුළං හා වැසි ජලය පිටාර යාම හේතුවෙන් ඇතිවූ ගංවතුර තත්ත්වය තුළ කොට්ඨාස 06ක ග්‍රාම නිලධාරි වසම් 86ක පවුල් 6718ක පුද්ගලයින් 28072ක් ආපදා ලක්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.



ආපදාවට ලක් වූවන් අතරින් පවුල් 4116ක පුද්ගලයින් 18026ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 33ක රඳවා ඇත.


ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, වත්තල, දොම්පෙ, ගම්පහ හා මහර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආපදා තත්ත්වය බලපා ඇත.


ආපදා තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 03 ක් වාර්තා වී ඇති අතර එක් අයෙකු තුවාල ලබා ඇත. මේ අතර පූර්ණ නිවාස හානි 02ක් හා අර්ධ නිවාස හානි 55ක් වාර්තා වී ඇත.



ආපදාවට ලක් වූවන්ට සහන සැලසීම සඳහා පානීය ජලය, වියලි ආහාර, සනීපාරක්ෂක උපකරණ, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු, පැදුරු, කොට්ට, බෙහෙත්, මදුරු කොයිල්, ඉටිපන්දම්, ලන්තෑරුම්, ලයිටර්  හා අනෙකුත් ද්‍රව්‍ය අවශ්‍ය බවත් මේ පිළිබද වැඩිදුර තොරතුරු සදහා දුරකතන අංක 033-2222235 අංකයෙන් ලබා ගත හැකි බවත් දිස්ත්‍රික් ලේකම් වරයා දිස්ත්‍රික් මාධ්‍ය ඒකකයට පැවසීය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.