• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ගුවන් සත්කාරයෙන් පකිස්තානු Miss Veet සුරූපිනියන් අවසන් තරඟ වටයට ශ්‍රී ලංකාවට පැමිණේ

srilankanශ්‍රීලංකන් ගුවන් සමාගම පසුගියදා පකිස්තානු Miss Veet තරගාවලියේ අවසන් වටයට තෝරා පත් වු සුරූපිනියන් කරච්චි සිට කොළඹ වෙත රැගෙන ඒම සඳහා ගුවන් සත්කාරක දායකත්වය ලබාදී  ඇත.

 මෙම තරගයේ අවසන් වටය මෙරට දකුණු මුහුදු දිග ප්‍රදේශයේ බලපිටියේ දී පැවැත්වූ අතර, එමගින් ශ්‍රී ලංකාවට පකිස්තානය පුරා  විශාල ප්‍රසිද්ධියක්  ද ලබා දී ඇත.  මෙම අවසන් වටය සඳහා තෝරා පත් වූ කණ්ඩායම සඳහා තරගකාරියන් 44 දෙනෙකු, සැලසුම්කරුවන්, රූපලාවන්‍ය උපදේශකවරුන්, ප්‍රසිද්ධ විනිසුරු මඩුල්ලක් ද කරච්චි සිට මෙරටට පැමිණ තිබුණි.  

මෙම කණ්ඩායම මෙරට මේ මස 17 දක්වා දින  17ක් පුරා රැදී සිටිනු ඇත.  Miss Veet තරගාවලියේ අවසන් තරගවටය සඳහා තෝරා පත් කර ගැනීමේ පූර්ව තරග කරච්චි, ලාහෝර් සහ ඉස්ලාමාබාද් හි පවත්වා ඇත. මෙම තරගය පකිස්තානයේ ප්‍රමුඛතම රූපවාහිනී නාලිකාවක් වන HUM TV මගින් සංවිධානය කළ අතර එම නාලිකාව ඇතුළු එහි සහෝදර නාලිකා ඔස්සේ මෙම වැඩසටහන  විකාශනය වනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.