• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික්කයේ පානීය ජල පහසුකම් කඩිනමින් නැවත සකස් කිරීමට පියවර

water supplyමාතර දිස්ත්‍රික්කයේ 70,000ක් පමණ වන ජල පාරිභෝගිකයන්ගෙන් 60,000කට පමණ ජල සැපයුම අක්‍රීයවී ඇති බවත් දැනට මාදුගඟ ආශ්‍රයෙන් 7,000ත් 8,000ත් අතර ප්‍රමාණයකට ජල සැපයුම නැවත ලබාදී ඇති බවත් නගර සැලසුම් හා  ජල සම්පාදන අමාත්‍යාංශය නිවේදනය කරයි.
 


එබැවින් දැනට බාධාවකින් තොරව ජලය ලැබෙන පිරිස් බීමට පමණක් එම ජලය භාවිත කරන ලෙස අමාත්‍යාංශය ජනතාවගෙන් ඉල්ලා සිටින අතර එසේ සිදු කළහොත් ඉතිරි ප්‍රදේශවලටත් අඩු පීඩනයක් යටතේ හෝ ජල සැපයුම ලබාදීම පහසුවන බව එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.


දැනට අවතැන් කඳවුරුවල සිටින ජලය නොලැබෙන පිරිස්  077 7724360, 077 7891332 හා 071 4532222 යන දුරකතන අංකවලට දැනුම් දෙන ලෙසත්, එසේ දැනුම් දුනහොත් ඉතා කඩිනමින් බවුසර් හා ගැලුම් මගින්, ගුවනින් හෝ බෝට්ටු ආධාරයෙන් ජලය සැපයීමට කටයුතු යොදා ඇති බව ද එම අමාත්‍යාංශය ජනතාවට දැනුම් දෙයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.