• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දිස්ත්‍රික්ක රැසක විදුලිය සැපයුම කඩිනම් කිරීමට පියවර

electricityඅයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මාතර, ගාල්ල, කලුතර, රත්නපුර සහ කෑගල්ල යන දිස්ත්‍රික්කයන්හි විදුලි සැපයීම අඩාලවී ඇති අතර ඒ හේතුවෙන් ලක්ෂ 03කට ආසන්න ප්‍රමාණයකට විදුලිය විසන්ධි වී ඇත. 



මේ වන විට මාතර ග්‍රිඩ් උප විදුලිපොල ද ජලයෙන් යටවී ඇති අතර ඒ හේතුවෙන් මාතර දිස්ත්‍රික්කයේ 136,000ක ට පමණ විදුලිය සෑපයීම අත්හිටුවා තිබේ. මාතර නගරයට පමණක් ගාල්ලෙන් විදුලිය සැපයීමට ක්‍රියාකර ඇති අතර විදුලිය විසන්දි කර ඇති 136,000 ප්‍රමාණයෙන් 50,000 ට පමණ තංගල්ලෙන් විදුලිය ලබාදීමට කටයුතු කරමින් සිටි.


විදුලිය සැපයීම සඳහා මේගා වොට් 08ක ජංගම විදුලි ජනන යන්ත්‍ර යොදාගැනීමට විදුලි බල මණ්ඩලය කටයුතු කරමින් සිටි. එමෙන්ම අදාළ නිවෙස්වල හානියට පත්වූ විදුලි පරිපථ පද්ධති ද විදුලිබල මණ්ඩලය විසින් පරීක්ෂාවට ලක්කිරීමෙන් අනතුරුව නොමිලයේ මීටර ලබාදීමට කටයුතු කරනු ලබයි.


ජලයෙන් යටවී ඇති විදුලි උපපොලවල් ආසන්නයේ බෝට්ටු පැදීමෙන් වළකින ලෙස විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.