• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිතයේදී අදාළ උපදෙස් පිළිපදින්න

Southern Expressw2017දක්ෂිණ අධිවේගී මාර්ගයට බලපා ඇති ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයේ දොඩංගොඩ දෙස සිට මාතර දෙසට පැමිණෙන සියලු ම වාහන පින්නදූවෙන් මාතර දෙසට ගමන් කිරීම තාවකාලිකව නතර කර තිබේ.



මාතර දෙසට පැමිණෙන සියලු ම වාහන පින්නදුව දොරටුවෙන් පිටවීමට ඉඩ සලසා ඇති අතර පින්නදූවෙන් දක්ෂිණ අධිවේගී මාර්ගයට ඇතුලුවන වාහන සියල්ල දොඩංගොඩ දෙසට ගමන් කරවීමට ඉඩ සලසා තිබේ.



මාතර, ගොඩගම පිටවීම් දොරටුවේ ඇති ව තිබෙන ගංවතුර තත්ත්වය හේතුවෙන් අකුරැස්ස දෙසට වාහන ගමන් කළ නොහැකි බැවින් මාතර දෙසට බස් රථ හා ලොරි රථ පමණක් පිටවීම සිදුකළ හැකිය. 


එබැවින් මාතර - ගොඩගම දොරටුවෙන් පිටවීමට අපේක්ෂා කරන මෝටර් රථ ඉමදුව සහ පින්නදුව අධිවේගී මාර්ගයෙන් පිටවී මාතර දෙසට ගමන් කළ යුතුය.



දක්ෂිණ අධිවේගී මාර්ගය භාවිත කරන්නන්ට 1969 අමතා උපදෙස් ලබාගන්නා ලෙසත් එහි ඉලෙක්ට්‍රොනික ප්‍රදර්ශන පුවරු අනුගමනය කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම්දෙයි.



අපදා තත්ත්වය හේතුවෙන් පහත සදහන් මාර්ග වසා ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය දැනුම් දෙයි.



අඹතලේ පාර බර වාහන සඳහා වසා ඇත. 
කැලණිමුල්ල කැලණිසිරි පාලම අසළ ජල මට්ටම හේතුවෙන් මාර්ගය වසා ඇත.
කළුඅග්ගල ලබුගම 12KM - 7KM අතර මාර්ගය කැඩි ගොස් ඇත. 
බුලත්සිංහල නාගොඩ 44KM සිට මාර්ගය වසා ඇත.
හොරණ අලුත්ගම මාර්ගය වසා ඇත.
නෑබඩ මතුගම 23 සිට මාර්ගය වාසා ඇත.
පැලවත්ත මොරවක 15KM -16KM අතර මාර්ගය වසා ඇත.
තිරුවාන කැටිය අඟලවත්ත මාර්ගය වසා ඇත.
කලවාන රක්වාන මාර්ගය වසා ඇත.
ඇහැළියගොඩ කිරිඇල්ල මාර්ගය වසා ඇත.
ඉඩණ්ගොඩ අයගම මාර්ගය වසා ඇත.
අයගම කුකුලේ ගඟ මාර්ගය වසා ඇත.
අයගම ගවරඟිරිය මාර්ගය වසා ඇත.
හිනිදුම, ඕපාත, පිටබැද්දර, තවලම, බද්දේගම, ගාල්ල මාර්ගය වසා ඇත.
තවලම බටුවන්ගල නෙළුව මාර්ගයේ තවලම නෙළුව අතර මාර්ගය වසා ඇත.
උඩුගම උනන්වැටිය නාගොඩ මාර්ග වසා ඇත.
ගාල්ල බද්දේගම මාර්ගය වසා ඇත.
මොරවක නෙළුව 33 අසල මාර්ගය වසා ඇත.
නෙළුව පැලවත්ත මාර්ගයේ බද්දේගම මාර්ගය වසා ඇත.
උඩුගම තවලම මාර්ගය වසා ඇත.
වදුරබ ඇටිමලේ  4KM අසල මාර්ගය වසා ඇත.
මාගොඩ ගෝනදෙණිය මාර්ගය වසා ඇත.
උනන්පිටිය නයා පාමුල මාර්ගය වසා ඇත.
යක්කලමුල්ල ඉමදුව 10-11 අසල මාර්ගය වසා ඇත.
තල්ගස්වල වදුරබ මාර්ගයේ යටවත්ත ප්‍රදේශය වසා ඇත.




නැවත විවෘත කර ඇති මාර්ග



ගාල්ල දෙණියාය මාදම්පේ මාර්යේ එක් මංරුවක් විවෘත කර ඇත.
කොළඹ, රත්නපුර, වැල්ලවාය මාර්ගය විවෘත කර ඇත.
ඇහැළියගොඩ දෙහිඕවිට මාර්ගය විවෘත කර ඇත.
තංගල්ල වීරකැටිය මාර්ගය විවෘතකර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.