• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මිය ගිය සංඛ්‍යාව 151 දක්වා ඉහළට - පවුල් 24735ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 339ක

Special press 2017.05.28ගංවතුරෙන් හා නාය යැම්වලින් මිය ගිය සංඛ්‍යාව අද (28) සවස වනවිට 151 දක්වා ඉහළ ගොස් ඇත. පුද්ගලයින් 111ක් අතුරුදහන් වී ඇති අතර තූවල ලැබූ 95 දෙනෙකු රෝහල්ගත කර ඇතැයි කැබිනට් ප්‍රකාශක,සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (28) කොළඹ, පැවැති මාධ්‍ය හමුවේ දී පැවසී ය.

 





තවදුරටත් කරුණු දැක් වූ අමාත්‍යවරයා, මේ වනවිට පවුල් 112565කට අයත් පුද්ගලයින් 438295ක් අවතැන්වී ඇතැයි ද පැවසී ය.



පූර්ණ නිවාස හානී 250ක් ද අර්ධ හානී නිවාස සංඛ්‍යාව 1785කි.විපතට පත් පවුල් 24735ක් මේ වනවිට සුරක්ෂිත මධ්‍යස්ථාන 339ක රඳවා සිටින බවද අමාත්‍යවරයා පැවසී ය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.