• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමේ අවධානමක්

water dam2017කළු ගඟේ ජල මට්ටම ඉහළ යෑම හේතුවෙන් පනාපිටිය වේල්ලෙන් ජලය පිටාර ගැලීමේ අවධානමක් ඇත.



මේ හේතුවෙන් පානදුර නගරයේ සහ බොල්ගොඩ ගඟ දෙපස වෙසෙන වැසියන් හා වාද්දුව සහ මොරන්තුඩුව ආශ්‍රිත ජීවත්වන වැසියන් අවධානයෙන් සිටිය යුතු බව කළුතර දිස්ත්‍රික් ලේකම්වරයා දැනුම් දෙයි.


මාතර පිටබැද්දර ආදී ආපදාවට පත් ප්‍රදේශවල මේ වනවිට ඉන්ධන හිගයක් පවතී. කඩ සාප්පු වසා තැබීම හේතුවෙන් ගංවතුරට හසුනොවූ පවුල් සඳහා ද ආහාර පාන සපයාගැනීමේ ගැටලුවක් උත්ගතවී ඇත.


නිල්වලා ගඟ පිටාර ගැලීමත් සමග කිඹූලන්ගේ පහරදීම් පිළිබඳ අවධානයෙන් සිටිය යුතු තත්ත්වයක් පවතී. 
කුකුලේ ගඟ බලාගාරයේ කිසිදු අනතුරුදායක තත්ත්වයක් නොමැති බව ඉංජිනේරුවන් විසින් සහතික කර ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.