• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගම්පහ දිස්ත්‍රික්කයේ ආපදා තත්ත්වය

gampaha districගම්පහ දිස්ත්‍රික්කයේ ඇතිවූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 06ක ග්‍රාම නිලධාරී වසම් 86ක පවුල් 6718ක පුද්ගලයින් 28072ක් ආපදාවට ලක්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ලේකම් සුනිල් ජයලත් මහතා පවසයි.



ආපදාවන්ට ලක්වූවන් අතරින් පවුල් 4116ක පුද්ගලයන් 18026ක් සුරක්ෂිත මධ්‍යස්ථාන 33ක රඳවා ඇත.


ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම, කැලණිය, වත්තල, දොම්පෙ, ගම්පහ හා මහර යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ආපදා තත්ත්වය බලපා ඇත. 


ආපදා තත්ත්වය හේතුවෙන් ගම්පහ දිස්ත්‍රික්කයෙන් මරණ 03ක් වාර්තා වී ඇති අතර එක් අයෙකු තුවාල ලබා ඇත. මේ අතර පූර්ණ නිවාස හානි 02ක් හා අර්ධ නිවාස හානි 55ක් වාර්තා වී තිබේ.


ආපදාවන්ට ලක්වූවන්ට සහන සැලසීම සඳහා පානීය ජලය, වියළි ආහාර, සනීපාරක්ෂක උපකරණ, සබන්, දත් බෙහෙත්, දත් බුරුසු, පැදුරු, කොට්ට, බෙහෙත්, මදුරු කොයිල්, ඉටිපන්දම්, ලන්තෑරුම් සහ අනෙකුත් ද්‍රව්‍ය අවශ්‍ය බවත් මේ පිළිබඳ වැඩිදුර තොරතුරු සඳහා අංක 033 – 2222235 යන අංකයෙන් ලබාගත හැකිය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.