• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විදුලි පේනු සහ කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නැගෙයි

flugවිදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් විදුලි පේනු හා කෙවෙනි සඳහා ජාතික ප්‍රමිතියක් ක්‍රියාවට නැංවීමට පියවර ගෙන ඇත.

විශේෂයෙන් ම කාර්මික නොවන අංශ වලට භාවිතය සඳහා නව ප්‍රමිතියේ විදුලි පේනු සහ කෙවෙනි භාවිත කිරීමට ඒ අනුව නියමිත ය. ජාතික ප්‍රමිතිය ලෙස ඝෘජුකෝණාස්‍ර හැඩයෙන් යුත් ජී වර්ගය ලෙස හඳුන්වන විදුලි පේනු සහ කෙවෙනි භාවිතයට මාරු වීම සඳහා රජය තීරණය කර තිබේ.

මේ වන විට විවිධාකාරයේ විදුලි පේනු වර්ග 60කට අධික සංඛ්‍යාවක් ද කෙවෙනි වර්ග 3ක් ද භාවිතා වේ. නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීමෙන් පසුව ඒවා වෙනුවට තනි වර්ගයක් ලෙස ජී වර්ගයේ කෙවෙනි හා පේනු භාවිත කිරීමට නියමිතය.

ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නිර්දේශ මත අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින් මීට අදාළ කැබිනට් පත්‍රිකාව සඳහා කැබිනට් මණ්ඩලය ඉදිරිපත් කළ අතර මෙම ප්‍රමිතිය සඳහා කැබිනට් මණ්ඩලයේ අනුමැතිය ද ලැබී ඇත. නව ප්‍රමිතිය 2016 අගෝස්තු 16 වන දා සිට බලාත්මක වේ.

දැනට භාවිතාවේ පවතින අභ්‍යන්තර රැහැන් පද්ධති සහ ඒවායේ විදුලි කෙවෙනි වෙනස් කිරීමට අවශ්‍ය නොවන අතර, නව රැහැන් පද්ධති සකස් කිරීමේදී ජී කාණ්ඩයේ විදුලි පේනු සහ කෙවෙනි භාවිත කළ යුතු වේ. එම කෙවෙනි සඳහා වර්ග මිලි මීටර් 2.5 රැහැන්(වයර්) හෙවත් 7/0.67 රැහැන් වර්ගය පමණක් නිර්දේශ කර ඇත.මෙම ප්‍රමිතිය සකස් කිරීමට පෙර ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඒ සඳහා පුළුල් මහජන අදහස් විමසීමක් පවත්වන ලදී. විදුලි පාරිභෝගිකයින්, විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදකයින්, ආනයනකරුවන් බලශක්ති ක්ෂේත්‍රෙය් විශේෂඥයින් ඇතුළු සියලු ම පාර්ශ්වකරුවන්ගේ අදහස් හා යෝජනා සැළකිල්ලට ගෙන ජාතික එකඟතාවක් ඇති ව මෙම ප්‍රමිතිය ක්‍රියාවට නැගීමට පියවර ගැනීම විශේෂත්වයකි.විදුලි පේනු සහ කෙවෙනි සඳහා හදුන්වාදෙන ප්‍රමිතිය ඉදිරි දෙවසරක කාලය තුළ ක්‍රියාවට නැගෙන්නේ අදියර කීපයක් යටතේය.·      

2016 අගෝස්තු 16 වන දින සිට විදුලි පේනු සහ කෙවෙනි සදහා ජාතික ප්‍රමිතිය බලාත්මක වේ.·

2016 අගෝස්තු 16 දින ජි කාණ්ඩයට අයත් නොවන විදුලි පේනු සහ කෙවෙනි නිෂ්පාදනය, ආනයනය සහ අලෙවිය සදහා සහන කාලයක් ක්‍රියාත්මක වේ.·

2017 අගෝස්තු 16 දින සිට ජී කාණ්ඩයට අයත් නොවන හෙවත් ජාතික ප්‍රමිතියෙන් තොර විවිධ වර්ගයේ විදුලි පේනු සහ කෙවෙනි ආනයනය තහනම් කෙරේ.·


2018 අගෝස්තු 16 වන දින සිට ජී වර්ගයේ නොවන විදුලි පේනු සහිත විදුලි උපකරණ අලෙවිය තහනම් කෙරේ.·

වසර 2018 වන විට නව ප්‍රමිතිය ක්‍රියාවට නැගීම සම්පුර්ණ කෙරෙනු ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.