• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා සහන කටයුතු සඳහා චීනයෙන් යුවාන් මිලියන 15ක සහනාධාර

Chinese flag Beijingශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා චීනය යුවාන් මිලියන 15ක වටිනාකම ඇති මානුෂවාදී සහනාධාර භාණ්ඩ පරිත්‍යාග කරන බව චීන රජය පවසයි. විපතට පත් ශ්‍රී ලාංකික ජනතාවට අත්‍යවශ්‍ය කූඩාරම්, පොරවන ඇතුළු භාණ්ඩ ඒ අතරට අයත්වේ. එම භාණ්ඩ තොගය හැකි ඉක්මනින් ශ්‍රී ලංකාවට ප්‍රවාහනය කිරීමට චීන රජය පියවර ගෙන ඇත. 
 
 
 
ශ්‍රී ලංකාවේ ගංවතුර සහ නාය යාම් විපත් පිළිබඳ ව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ශ්‍රී ලංකා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙත සංවේග පණිවිඩයක් ද යොමු කර ඇත.


චීන ජනාධිපතිවරයා විපතින් මිය ගියවූවන් පිළිබඳ ව ගැඹුරු ලෙස සිය සාතිශ්‍ය පළ කරන අතර විපතට පත්වූවන් හා ඔවුන්ගේ ඥාතීන් කෙරෙහි අවංක කණස්සල්ල පළ කරන බව එම පණිවිඩයෙහි සඳහන් වෙයි.


ශ්‍රී ලංකාවේ සාම්ප්‍රදායික මිත්‍රයෙකු වශයෙන් චීනය විපත් සහන සැලසීමේ කටයුතුවලට මුළුමනින් ම අනුබල දීමට සූදානමින් සිටින බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කියා සිටියේය. 



ශ්‍රී ලංකා රජය හා ජනතාව විපතෙන් මිදී සිය නිවාස යළි සංවර්ධනය කරනු ඇතැයි තමා විශ්වාසයෙන් සිටින බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ ගං වතුර සහ නාය යාම් විපත් පිළිබඳ ව චීන අග්‍රාමාත්‍ය ලී කේ ච්‍යාං මහතා ශ්‍රී ලංකා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා වෙත සංවේග පණිවිඩයක් යොමු කර තිබේ.


ශ්‍රී ලංකාවේ රජයට ද විපතට ලක් ජනතාවට ද අවංක අනුකම්පාව සහ සංවේගය දක්වන බවත් ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා චීනය මුළු ශක්තියෙන්ම අනුබල දීමට කැමති බවත් චීන අග්‍රාමාත්‍යවරයා යොමු කළ පණිවිඩයේ දැක්වෙයි.


ශ්‍රී ලංකාවේ විපත් තත්වය පිළිබඳව චීන විදේශ ඇමති වං යී මහතා ශ්‍රී ලංකා විදේශ ඇමති රවි කරුණානායක මහතාට සංවේග පණිවිඩයක් යොමු කර ඇත.


විපතෙන් ගොදුරු වූවන්ට ශෝකය පළ කරමින් ඔවුන්ගේ ඥාතීන් සහ විපතෙන් බලපෑමට ලක් ව සිටින ජනතාවට අනුකම්පාව දක්වන බවත් වං යී මහතා යොමු කළ විදුලි පණිවිඩයේ සඳහන් වෙයි.


ශ්‍රී ලංකාවේ ආපදා සහන කටයුතු සඳහා චීනය හැකි පමණින් සහාය ලබා දීමට කැමති බව ද එහි සඳහන් වේ.


ශ්‍රී ලංකා රජයේ මෙහෙයවීම යටතේ ශ්‍රී ලංකා ජනතාව විපතෙන් බේරා ගෙන උන්හිටිතැන් යළි ගොඩනැගීමට හැකි වනු ඇති බවට විශ්වාස කරන්නේ යැයි ද වං යී මහතා සිය විදුලි පණිවිඩයෙන් ප්‍රකාශ කර ඇත.


CRI

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.