• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

2017 සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාරගැනීමේ දින දීර්ඝ කෙරේ

examදිවයිනේ දිස්ත්‍රික්ක කිහිපයකට බලපෑ ඇති ආපදා තත්ත්වය සැලකිල්ලට ගෙන 2017 අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය සඳහා අයදුම්පත් බාර ගන්නා දින දීර්ඝ කරන ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් දෙයි.

 



මේ මස 31 වනදායින් අදාළ අයදුම්පත් බාර ගැනීම අවසන් වීමට නියමිතව තිබූ අතර එය ජුනි මස 15 වනදා දක්වා දීර්ඝ කරන ලෙස අධ්‍යාපන අමාත්‍යවරයා විභාග දෙපාර්තමේන්තුව වෙත උපදෙස් දී ඇත.


ආපදා තත්ත්වය හේතුවෙන් විපතට පත්ව සිටින පවුල්වල සාමාජිකයන්ගේ හානියට පත් සියලු විභාග සහතිකපත් නොමිලේ නැවත ලබා දීමටද අධ්‍යාපන අමාත්‍යවරයා විසින් විභාග දෙපාර්තමේන්තුවට උපදෙස් ලබා දෙනු ලැබ තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.