• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

මාතර දිස්ත්‍රික්කයේ පවුල් 43114ක පුද්ගලයින් 160702ක් ආපදාවට

Sri lanka floods Aranayake Landslide2017 5 29ගංවතුර, නාය යෑම්, තද සුළං හා පස් කඳු කඩා වැටීම් නිසා මාතර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස දහසයෙහිම (16)  පුද්ගලයින් 160702ක පිරිසක් මේ වන විට අවතැන් වී තිබේ. පවුල් 43114ක පුද්ගලයින් මේ අතර වේ. 



මාතර පවුල් 8739ක පුද්ගලයින් 27459ක් ද හක්මණ පවුල් 133ක පුද්ගලයින් 558ක් ද පිටබැද්දර පවුල් 1735ක පුද්ගලයින් 7592ක් ද පස්ගොඩ පවුල් 989ක පුද්ගලයින් 3396ක් ද දික්වැල්ල පවුල් 289ක පුද්ගලයින් 1300ක් ද මුලටියන පවුල් 1059ක පුද්ගලයින් 4638ක් ද මාලිම්බඩ පවුල් 2100ක පුද්ගලයින් 10500ක් ද දෙවිනුවර පවුල් 198ක පුද්ගලයින් 770ක් ද අකුරැස්ස පවුල් 7484ක පුද්ගලයින් 30007ක් ද කොටපොල පවුල් 1271ක පුද්ගලයින් 4734ක් ද කිරින්ද - පුහුල්වැල්ල පවුල් 26ක පුද්ගලයින් 101ක් ද කඹුරුපිටිය පවුල් 6454ක පුද්ගලයින් 22853ක් ද තිහගොඩ පවුල් 3200ක පුද්ගලයින් 12717ක් ද වැලිපිටිය පවුල් 2963ක පුද්ගලයින් 11261ක් ද වැලිගම පවුල් 174ක පුද්ගලයින් 816ක් හා අතුරලිය පවුල් 6300ක පුද්ගලයින් 22000ක් වශයෙන් ජනතාව ආපදාවට පත් වී තිබේ.


මේ වන විට මාතර දිස්ත්‍රික්කයේ මරණ 24ක් වාර්තාවී තිබෙන අතර අතුරුදහන් පුද්ගලයින් සංඛ්‍යාව 15කි. එක් පුද්ගලයෙකු තුවාල ලබා තිබේ.


පූර්ණ නිවාස හානි 186ක් හා අර්ධ නිවාස හානි 2637ක් මේ වන විට වාර්තා වේ. 


සුරක්ෂිත මධ්‍යස්ථාන 26ක පවුල් 2891ක පුද්ගලයින් 11085ක පිරිසක් ලැගුම් ගෙන සිටී. 


ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහයෙන් මාතර දිස්ත්‍රික් ආපදා කළමනාකරණ ඒකකයේ මැදිහත් වීමෙන් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් සිදු කෙරෙමින් පවතී.
විපතට පත් වූවන් සඳහා අවශ්‍ය ඇඳුම් පැළඳුම්, වියළි ආහාර ද්‍රව්‍ය, කිරිපිටි, සනීපාරක්ෂක උපකරණ, ළදරුවන් සඳහා අවශ්‍ය ද්‍රව්‍ය ඇතුළු විවිධ දෑ මාතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ පිහිටුවා තිබෙන ආපදා සහන සේවා මධ්‍යස්ථානයට ගෙනවිත් බාරදිය හැකිය.


විපතට පත් වූවන් සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මාතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරියේ ද සහයෝගය සහිතව මාතර දිස්ත්‍රික් ලේකම් ප්‍රදීප් රත්නායක මහතාගේ පූර්ණ අධීක්ෂණය යටතේ අදාළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ප්‍රාදේශිය ලේකම් වරුන්ගේ මැදිහත්වීමෙන් සිදු කෙරේ. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.