• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවට පත් පොලොන්නරු දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීමට විශේෂ වැඩසටහනක්

Polonnaruwa floodආපදාවට පත් පොලොන්නරු දිස්ත්‍රික් ජනතාවට සහන සැලසීමට පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික්කයේ සියලු ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල හා ග්‍රාම නිලධාරීන් මගින්  විශේෂ වැඩසටහනක්  ක්‍රියාත්මක කර ඇත.


ඒ යටතේ  වියළි ආහාර ද්‍රව්‍ය, ළදරු කිරි පිටි, සනීපාරක්ෂක ද්‍රව්‍ය සහ ජල බෝතල් ආපදාවට පත් ජනතාව වෙත බෙදා හැරීමට කටයුතු කර ඇත.



ග්‍රාම නිලධාරී කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හෝ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය වෙත ගෙනවිත් භාර දෙන මෙන් පොලොන්නරුව දිස්ත්‍රික් ලේකම් රංජිත් ආරියරත්න මහතා පරිත්‍යාගශීලී ජනතාවගෙන් ඉල්ලා සිටියි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.