• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

රත්නපුර දිස්ත්‍රික්කයේ අපදාවට ලක්වුවන්ට සහන සැලසීමට කඩිනම් පියවර

Hon thalata athukarala news20170529විපතට පත් වු ජනතාව වෙනුවෙන් කඩිනමින් අවශ්‍ය පහසුකම් සැලසීමට පියවර ගන්නා ලෙස විදේශ රැකියා අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය රාජ්‍ය නිලධාරීන්ට  උපදෙස් ලබාදුන්නාය.



අමාත්‍යවරිය මේ බව පැවසුවේ,  ඊයේ (28) ඇලපාත ප‍්‍රදේශයේ සංචාරයකට එක්වෙමිනි.


අමාත්‍යවරිය ඇලපාත ප‍්‍රාදේශීය ලේකම් බල ප‍්‍රදේශයේ ඇලපාත, පල්ලෙගෙදර, හංගමුව, කොටාමුල්ල, කරංගොඩ, ආදී ප‍්‍රදේශවල අවතැන් වූ ජනතාවගේ සුවදුක් විමසීමට සහ කඳවුරු නිරීක්ෂණයට ද එක්විය. එම ප‍්‍රදේශ වල ජනතාවට හැකි ඉක්මණින් සහන සැලසීමට අමාත්‍යවරිය එහිදී කටයුතු කරන ලදී. 


එමෙන් ම අමාත්‍යවරිය ඊයේ දිනයේදී රත්නපුර නිවිතිගල, කිරිබත්ගල කන්ද නාය යෑමට ලක්වු ප‍්‍රදේශය නිරික්ෂණය කළ අතර අවතැන් වු ජනතාව රැදි සිටින කඳවුරු ද නිරික්ෂණය කරන ලදි.


මේ වනවිට රත්නපුර දිස්ත්‍රික්කයේ අයහපත් කාලගුණය මත ආපදාවන්ට ලක්වී ඇති ග‍්‍රාම සේවා වසම් සංඛ්‍යාව 325, ආපදාවන්ට ලක් වූ පවුල් සංඛ්‍යාව 29,305, ආපදාවන්ට ලක් වූ පුද්ගලවයින්  සංඛ්‍යාව 112,928, පුද්ගල මරණ සංඛ්‍යාව 28, පවතින කඳවුරු සංඛ්‍යාව 78, කඳවුරු ගත පුද්ගලයින් සංඛ්‍යාව 38,323, පූර්ණ හානි වලට ලක්වූ නිවාස සංඛ්‍යාව 79, අර්ධ හානි වලට ලක්වූ නිවාස සංඛ්‍යාව 1140 බවට වාර්තා වී තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.