• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් ඕස්ට්‍රේලියාව වෙත මෙහෙයුම් අරඹයි

ipSrilankanLogoශ්‍රී ලංකාවේ ජාතික ගුවන් සේවය වන ශ්‍රීලංකන් ගුවන් සමාගම වන්වර්ල්ඩ් ගුවන් සේවා සන්ධානයේ සාමාජිකයෙකු ලෙස මෙම වසරේ ඔක්තෝබර් මස 29 වන දින සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් වෙත නොනවත්වා දෛනික ගුවන් ගමන්  මෙහෙයුම් ස්ථාපිත කිරීමට කටයුතු යොදා ඇත. 



ඕස්ට්‍රේලියාවේ උයන්පිරි ප්‍රාන්තය නම් වූ (Garden State) වූ වික්ටෝරියා හි මෙල්බර්න් නගරයේ සහ ඒ අවට විශාල ශ්‍රී ලාංකික ජනගහනයක් වාසය කරනු ලබයි. ව්‍යාපාරික සංචාර මෙන්ම වික්ටෝරියා හි  වේගයෙන් වර්ධනය වන ශිෂ්‍ය ජනගහනය, මෙල්බර්න් වෙත නොනවත්වා දෛනික ගුවන් ගමන් ආරම්භ කිරීමේ ගුවන් සමාගමේ සැලසුම් සඳහා හේතු සාධක වී ඇත. 


මෙම නොනවත්වා සිදුකරන ගුවන් ගමන් මගින්  මැද පෙරදිග හා දකුණු ආසියාවේ ගුවන් මගීන්ට කොළඹ හරහා මෙල්බර්න් වෙත  හෝ එහි සිට පහසු ගුවන් සබඳතා පැවැත්වීමේ අවස්ථාව හිමිවේ. 


ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කපිතාන් සුරේන් රත්වත්ත මහතා සඳහන් කළේ “ඕස්ට්‍රේලියාව වෙත මෙහෙයුම් ආරම්භ කිරීම මගින් අප රටවල් දෙක අතර පවතින දිගුකාලීන සබැදියාව ශක්තිමත් කරනු ඇති බවයි. පසුගියදා අප දෙරට අතර පවතින රාජතාන්ත්‍රින සබඳතා හි 70 වැනි සංවත්සරය සැමරූ අතර ගුවන් සමාගමේ  උපාය මාර්ගික ගුවන් ගමන් ජාල ව්‍යාප්ත කිරීමේ ප්‍රතිව්‍යුහගත සැලසුම්  වලට අනුව මෙම නව ගමනාන්තය එක්කිරීම සිදුකළ බවද ඒ මහතා කියා සිටියේය . මෙමගින් තවත් මහද්වීපයක් ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ගමන් සිතියම වෙත එක්වනු ඇති බවද ඔහු ප්‍රකාශ කෙරීය. අනෙක් අතට ජාතික  ගුවන් සේවය වශයෙන් ශ්‍රී ලාංකිකයන් වැඩි වශයෙන් වාසය කරන වික්ටෝරියා වෙත සෘජු ගුවන් ගමන් සිදුකරමින් ඔවුන්ට සිය නෑදෑ හිතමිතුරන් දැකගැනීම සඳහා ගුවන් සංචාරක  පහසුකම් මෙමගින් සැපයීමට හැකිවීම පිළිබඳ ආඩම්බර වන  බවද ඒ  මහතා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.   

 
මෙම  ගුවන්  ගමන් සදහා එයාර්බස් 330-200 ගුවන්  යානා  යොදා ගැනීමට  නියමිත වන අතර නවීන ගුවන් යානා අභ්‍යන්තර පහසුකම් සහිතව සම්මානලාභී සේවාවක් ලබාදෙමින් ශ්‍රීලංකන් උණුසුම් ආගන්තුක සත්කාරය ගුවන්  මගීන්ට අත්විඳීමට හැකිවනු  ඇත. 


ගුවන් ගමන් කාලසටහන පහත දැක්වේ

ආරම්භක අංශය

ගමනාන්තය

පිටත්විම

පැමිණීම

මෙහෙයුම් සිදුකරන දින

කොළඹ

මෙල්බර්න්

පැය 2350  (දේශිය වේලාව)

පැය 1525
(දේශිය වේලාව)

දෛනිකව

 


ශ්‍රීලංකන්  ගුවන්  සමාගමේ ප්‍රධාන  වාණිජ  නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ “  සෘජු ගුවන් ගමන් නොමැතිව වුවත්  සිංගප්පූරුව සහ ක්වාලාලාම්පූර් හරහා  ශ්‍රී ලංකාව සහ මෙල්බර්න් අතර ගුවන් සංචාර සඳහා වැඩි ඉල්ලුමක් ඇති බව ගුවන් සමාගම  විසින් නිරීක්ෂණය කර ඇති බවයි. වෙනත් කිසිදු ගුවන් සේවයක්  විසින් ලබාදීමට නොහැකි කොළඹ සිට සෘජු ගුවන් ගමන් ශ්‍රීලංකන් විසින් ආරම්භ කිරීම ගුවන් මගීන්ට විශාල  වාසිදායක  තත්ත්වයක්  උදාකර  දෙනු නොඅනුමාන  බව ද  ඒ මහතා  වැඩිදුරටත්  ප්‍රකාශ කර සිටියේය.  එසේම ගුවන් සමාගම කොළඹ සිට ඉන්දියානු උප මහද්වීපයේ මෙන්ම මැදපෙරදිග ගමනාන්ත රැසක් වෙත පහසු ගුවන් සබඳතා පවත්වන බවද ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය. මෙම නව ගුවන් ගමන් ආරම්භ කිරීමත් සමග ශ්‍රීලංකන්  ගුවන් මගීන්ට ඕස්ට්‍රේලියාවේ අනෙකුත් ගමනාන්ත වන  සිඩ්නි.බ්‍රිස්බේන්, ඇඩිලේඩ්, මෙන්ම නවසීලන්තයේ ඕක්ලන්ඩ් වෙත සංචාරය කිරීමට පහසු ගුවන් සබඳතා හිමිවන බවත් ගුවන් ගමන් ජාලය ව්‍යාප්ත කරමින් එහි ව්‍යාපාර වර්ධනය  වැඩි කිරිම සඳහා ගුවන් සමාගම අඛණ්ඩව කටයුතු  කරන බවත් ඒ මහතා වැඩිදුරටත් කියා සිටියේය.


ශ්‍රී ලංකාවේ  ඕස්ට්‍රේලියා   මහා කොමසාරිස් වන බ්‍රයිස් හච්චෙසන් මහතා (Mr. Bryce Hutchesson) ප්‍රකාශ කර සිටියේ “ඕස්ට්‍රේලියාව වෙත සෘජු ගුවන් ගමන් ආරම්භ කරමින් මෙම නවතම ගමනාන්තය එක්කිරිම පිළිබඳ ව තමන් ශ්‍රීලංකන් වෙත සුභාසිංශන එක්කර සිටින බවයි. මෙම සෘජු ගුවන් ගමන් තුළින් දෙරට අතර සංචාරක කර්මාන්ත,ව්‍යාපාර,වෙළෙඳාම මෙන්ම පුද්ගල-පුද්ගල සබඳතා තුළින් ශ්‍රී  ලංකාව සහ ඕස්ට්‍රේලියාව  අතර ද්විපාර්ෂික සබඳතා ශක්තිමත්  කරනු ඇති බවද ඒ මහතා කියා සිටියේය. ඕස්ට්‍රේලියානු ජාතිකයන්  විශාල පිරිසක් ශ්‍රී ලංකාව වෙත සංචාරක කටයුතු මෙන්ම ව්‍යාපාර සඳහා ද පවුලේ සාමාජිකයන් හා එක්වීමට ද සංචාරය කරනු ලබන බව ද ඔහු කියා සිටියේය. ඕස්ට්‍රේලියාව වෙත අධයාපනය,ව්‍යාපාර මෙන්ම එහි සංස්කෘතිය සහ ස්වාභාවික සුන්දරත්වය අත්විඳීමට සහ සිය පවුලේ හිතවතුන් සහ මිතුරන් හමුවීමට පැමිණෙන විශාල ශ්‍රී ලාංකික සංචාරකයන්  ඕස්ට්‍රේලියාව වෙත සාදරයෙන් පිළිගන්නා බවද ඒ මහතා  වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.  


“සියලු ම සෘතු සපිරි නගරයක්” ලෙස ප්‍රකට මෙල්බර්න්, සංචාරකයන් සඳහා ඓතිහාසික මෙන්ම  ස්වාභාවික සුන්දරත්වය සපිරි යටත් විජිත ගෘහ නිර්මාණ යනාදී ආකර්ෂණීය  ස්ථාන  රැසකින් සමන්විත  නගරයකි.  අනෙක් අතට  ඕස්ට්‍රේලියාවේ  අභියෝග සඳහා පැමිණෙන සංචාරකයන්ට  ශ්‍රී ලංකාවේ උරුමය, වනජීවි, අභියෝගාත්මක  ක්‍රීඩා, මුහුද මත ලිස්සා යෑමේ අවස්ථා රැසක් අත්විඳීමට  මෙම  ගුවන් ගමන් තුළින්   පහසුකම්  සපයනු  ඇත. පසුගිය වසර පුරාවට දෙරට අතර  ක්‍රිකට්  ක්‍රිඩා සඳහා අන්‍යොන්‍ය  වූ  දැඩි කමැත්තක් පැවැතීම නිසා රටවල් 2හි කණ්ඩායම් සඳහා සහාය දීමට ක්‍රීඩා ලෝලීන්  රැසක් ගුවන් සංචාරයේ යෙදී ඇත.   
ශ්‍රී ලංකාවේ  රටින් පිට වාසය කරන විශාලත ම ශ්‍රී ලාංකික ජනගහනයක්  වාසය කරන්නේ  ඕස්ට්‍රේලියාවේ වන අතර ඒ අතරින් විශේෂයෙන් 50% පිරිසක් වික්ටෝරියා හි වාසය කරනු ලබයි. මෙම සෘජු ගුවන් ගමන් මගින් සුවපහසු ගුවන් ගමන් පිටත්වීම් සහ පැමිණීම්  සිදුකරගැනීමට මේ අනුව  සංචාරකයන්ට අවස්ථාව උදා වේ. 


ශ්‍රිලංකන්  ගුවන් ගමන් සබඳතා වඩාත් පහසු කරමින් කොළඹ  ගුවන් ගමන් මධ්‍යස්ථානයේ සිට ඉන්දියාවේ ගමනාන්ත 10ක්  වෙත ගුවන් ගමන් 100 සතියකට සිදුකිරීමට කටයුතු  යොදා  ඇත. මෙම සේවා සඳහා චෙන්නායි, බැංගලෝර් හයිද්‍රාබාද්, කල්කටා, තිරිවනාතපුරම්, තිරුචිරප්පල්ලි, කොචින්, මුම්බායි සහ නව දිල්ලිය වෙත සහ සිට  ගුවන් ගමන් සිදු කෙරේ. එසේම  ගුවන් සමාගම මේ වසරේ ජූලි මස සිට විසාකාපට්නම්, කොයින්බටූර්, සහ හයිද්‍රාබාද් සිය ගුවන් ගමන් ජාලය වෙත එක්කරමින් ඉන්දියාව වෙත ගුවන් ගමන් ව්‍යාප්ත කර ඇත. 


 එසේම  ගුවන් සමාගම මැදපෙරදිග වෙත  සතියකට  ගුවන් ගමන් 50ක් සිදුකරමින් ගමනාන්ත 9ක් වෙත එනම් අබුඩාබි, ඩුබායි, දෝහා, රියාද්, මස්කට්, බහරේන් සහ කුවේට් වෙත දෛනික  ගුවන් ගමන් සිදුකරනු ලබයි.එසේම  ගුවන් මගීන්  සඳහා විවේකය සඳහා වූ ගමනාන්ත  වන  මාලදිවයිනේ මාලේ ,ගැන් දිවයින මෙන්ම  සීෂෙල්ස්  වෙත  ද  ශ්‍රීලංකන් ගුවන්  ගමන් සිදුකරනු ලබයි.  


ගුවන් සමාගම විසින්  මේ වන විටත්  ශ්‍රී ලංකාව සහ  ඕස්ට්‍රේලියාව වෙත සිංගප්පූරුව  සහ ක්වාලා ලාම්පූර් හරහා කොන්ටාස් සහ මැලේෂියන් එයාර්ලයින්ස් මගින් දවසට දෙවරක්  සිදුකරන සංකේත හුවමාරු ගුවන් සේවාවන්ට ද මෙම මෙහෙයුම් විශාල සහයෝගයක් වනු ඇත. 


ආයතනික  සන්නිවේදන අංශය
ශ්‍රීලංකන් ගුවන්  සමාගම  

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.