• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගාල්ල දිස්ත්‍රික්කයේ වත්මන් තත්ත්වය

Sri lanka floods Aranayake Landslide2017 5 29පසුගිය දින කිහිපය තුළ පැවති අධික වර්ෂාව හේතුවෙන් ගාල්ල දිස්ත්‍රික්කයේ ග්‍රාමසේවා වසම් 396කට අයත් පවුල් 38,155 ක පුද්ගලයන් 151,360 දෙනෙක් ආපදාවට ලක්ව තිබේ.


මෙම තත්ත්වය යටතේ ගාල්ල දිස්ත්‍රික්කයේ මියගිය පුද්ගලයන්ගේ සංඛ්‍යාව 12 දක්වා ඉහළ ගොස් ඇති අතර පුද්ගලයන් 10 දෙනෙකු අතුරුදන් වී ඇත.


හදිසි ගංවතුර උවදුර හේතුවෙන් පූර්ණ වශයෙන් නිවාස 161කට හානි සිදුවී ඇත. අර්ධ හානි සිදුව ඇති නිවාස සංඛ්‍යාව 467 කි.


මේ වන විට බද්දේගම, නාගොඩ යන ප්‍ර‍දේශවල ජල මට්ටම ඉහළ ගොස් ඇත. ගිං ගඟේ ජල මට්ටම සැලකිය යුතු මට්ටමකින් අඩුවී ඇත. විපතට පත්ව සිටින ජනතාව සඳහා සහන සේවා කඳවුරු 13 ක් ගාල්ල දිස්ත්‍රික්කය තුළ පවත්වා ගෙන යනු ලබන අතර සහන කටයුතු අඛණ්ඩව ක්‍රියාත්මක වේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.