• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

යුධ හමුදා මුදා ගැනීමේ සහ සහන මෙහෙයුම් අඛණ්ඩ ව

army news 2017 5 30විපතට පත් පිරිස් මුදා ගැනීම සහ ඔවුන් වෙනුවෙන් සහන සැලසීමේ කටයුතු සඳහා යුධ හමුදාව අඛණ්ඩ ව කටයුතු කරමින් සිටි.



මේ පිළිබඳ ව අදහස් දැක්වූ හමුදා ප්‍රකාශක යුධ හමුදා මාධ්‍ය අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් රොෂාන් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කලේ මේ වන විට ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් හා ප්‍රදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධිකරණයෙන් යුතුව ශ්‍රී ලංකා යුධ හමුදාවේ සේනාංක දෙකක බලඇණි 16 ක අයත් 1700 කට අධික භට පිරිසක් මෙන්ම ඉංජිනේරු සෙබළුන්, ඉංජිනේරු යන්ත්‍රෝපකරණ යුධ හමුදා බර වාහන විශාල ප්‍රමාණයක්, BTR සන්නද්ධ රථ සහ WMZ වර්ගයේ සන්නද්ධ රථ සහ යුනි බෆල් 45 කට අධික සංඛ්‍යාවක් ද මේ වන විට මෙම සහන මෙහෙයුම්වලට යොදවා ඇති බවයි.


විශේෂයෙන් මාර්ග හරහා ළඟාවීමට අපහසු ප්‍රදේශ දක්වා වූ මාර්ගවල අවහිරතා ඉවත් කිරීම සඳහා යුධ හමුදා භට පිරිස් කටයුතු කරන බව පැවසු ඒ මහතා මේ දක්වා ළඟාවීමට අපහසුව තිබු රත්නපුර දිස්ත්‍රික්කයේ කළවාන ප්‍රදේශයට රත්නපුර නිවිතිගල හරහා කළවාන දක්වා මාර්ගය ඊයේ දින වන විට කි.මි 26 කට වැඩි දුරක්  (මැයි 28) වන විට අවහිරතා ඉවත් කර තිබූ බව ඊයේ දින (මැයි 29) දහවල් කාලය වන විට කළවාන නගරය දක්වා ලඟාවීමට පහසුකම් සලසන බවත්ය. එමෙන්ම දෙනියාය මොරවක මාර්ගය සහ බුලත්සිංහල පාහියන්ගල ප්‍රදේශ වලද ඒ ආකාරයෙන් මාර්ග අවහිරතා ඉවත් කර පහසුකම් සැලසීමට කටයුතු කරන බවයි.



තවදුරටත් අදහස් දක්වූ බ්‍රිගේඩියර් සෙනෙවිරත්න මහතා ප්‍රකාශ කලේ ඊයේ රාත්‍රී වන විට මාතර තිගගොඩ ප්‍රදේශයේ නිල්වලා ගඟේ ගංවතුර පාලන බැම්ම අවදානම් තත්වයටකට පත්ව තිබු බවත් 200 කට අධික යුධ හමුදා භට පිරිසක් යොදවා වැලිගෝනි යොදා එය ශක්තිමත් කිරීමටද කටයුතු කල බවයි.



පැවතුන අහයපත් කාලගුණ තත්වය මත කළවාන සහ අත්වැල්තොට ප්‍රදේශ සඳහා ලඟාවීම හෝ තොරතුරු දැනගැනීමට මහත් අපහසුවක්ව පැවතුන අතර සහන කණ්ඩායම්වලට පවා එම ප්‍රදේශ කරායාමට නොහැකි තත්වයක පැවතින.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.