• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවට පත් ජනතාව මුදවා ගැනීමේ මෙහෙයුම් වලට නාවික හමුදාවේ සහාය

navy 2017 5 30මේ දින වල ශ්‍රී ලංකාවට බලපා ඇති අයහපත් කාළගුණික තත්ත්වයෙන් විපතට පත් ජනතාව ඉන් මුදවා ගැනීම සඳහා නාවික හමුදාව කටයුතු කරමින් සිටී.




මේ වන විට දකුණු සහ බස්නාහිර යන පළාත් වල ඇති වී තිබෙන ගංවතුර තත්ත්වය හමුවේ, ඇති වූ හදිසි තත්ත්වයට ක්ෂණිකව ප්‍රතිචාර දක්වමින් ඩිංගි යාත්‍රා 112ක් සහිත නාවික සහන කණ්ඩායම් 112ක් ගංවතුර අවධානම පවතින ප්‍රදේශ වලට යොමු කොට ඇත. ඔවුන් සඳහා ආපදා සහන සැලසීමේ කටයුතු වෙනුවෙන්  (28) සහ ඊයේ (29) උදෑසන වන විට නාවික පුද්ගලයින් 886 දෙනෙකු අනුයුක්ත කොට තිබිණි.



ඒ අනුව, දකුණු පලාතේ ගං වතුරින් අවතැන් වූ ජනතාවට සහන සැළසීම සඳහා නාවික හමුදා සහන කණ්ඩායම් 56  ක් යොදවා ඇති අතර, බස්නාහිර පලාතේ ගං වතුරෙන් අවතැන් වූ ජනතාව එම ප්‍රදේශයෙන් ඉවත් කිරීම හා ඔවුන්ට සහන සැළසීමට ආපදා සහන කණ්ඩායම් 56 ක්ද යොදවා ඇත.



ඒ අනුව, ගාල්ල දිස්ත්‍රික්කයේ, නෙළුව, ඉමදූව, වඳුරඹ, උඩුගම, ඇල්පිටිය, අම්බලන්ගොඩ, බෝපේ පෝද්දල සහ යක්කලමුල්ල යන ප්‍රදේශ, හම්බන්තොට දිස්ත්‍රික්කයේ හේනෙකඩුව හා රන්න යන ප්‍රදේශ, මාතර දිස්ත්‍රික්කයේ කඹුරුපිටිය, මොරවක, අකුරැස්ස, පිටිබැද්දර, දෙයියන්දර යන ප්‍රදේශ, කළුතර දිස්ත්‍රික්කයේ බුලත්සිංහල, පරගොඩ, බදුරලිය, ගල්කැටිය, ඉලුක්පතාන, මතුගම, පැලෑන සහ වැලිපැන්න යන ප්‍රදේශයන්හි නාවික ආපදා සහන කණ්ඩායම් යොදවා ඇත.


තවද, කොළඹ දිස්ත්‍රික්කයේ වැල්ලම්පිටිය, නවගමුව, හංවැල්ල, අවිස්සාවේල්ල, පාදුක්ක, අඹතලේ, කැළණිය, අංගොඩ, කඩුවෙල යන ප්‍රදේශ, රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර නගරාශිතව, කලවාන, නිවිතිගල, ඇහැලියගොඩ, ඇලපාත, සමන්දේවාලය, මාරගහ මංසන්දිය, අයගම, තල්දූව, කිරිඇල්ල යන ප්‍රදේශ සහ ගම්පහ දිස්ත්‍රික්කයේ බියගම යන ප්‍රදේශයන් හිද නාවික ආපදා සහණ කණ්ඩායම් යොදවා විපතට පත්වූවන් මුදවා ගැනීමේ කටයුතු සිදු කරමින් පවතී.  


මේ අතර සහන සැලසීමේ කටයුතු වල නිරත වෛද්‍ය අංශයේ නාවිකයින් විසින් වෛද්‍ය ප්‍රථිකාර අවශ්‍ය පුද්ගලයින් 114 දෙනෙකු සඳහා ප්‍රතිකාර ලබා දීමට ද කටයුතු කර ඇත. මිට අමතරව ළිං 106 ක් පිරිසිදු කිරීමට සහ වක්වැල්ල, පිටබැද්දර පාලම් දෙකෙහි සිරවී තිබූ අපද්‍රව්‍ය ඉවත් කිරීමට ද කටයුතු කර ඇත.



මේ වන විට නාවික හමුදා ආපදා සහන කණ්ඩායම් මගින් පුද්ගලයින් 8941 දෙනෙකු බේරා ගැනීමට සමත් වී ඇත. බේරා ගත් පුද්ගලයන් මේ වන විට ආරක්ෂිත ස්ථානයන් කරා යොමු කිරීමට ද ඔවුන් සඳහා ආහාර සළාක 136,313 ක ප්‍රමාණයක් බෙදා දීමටත් නාවික හමුදාව කටයුතු කර ඇත.


එමෙන්ම, තව දුරටත් නාවික හමුදාව විසින් අවතැන් වූවන් මුදවා ගැනීමේ සහ ඔවුන්ට සහන සැළසීමේ කටයුතු සිදු කරමින් පවතී.



ආපදා කළමණාකරණ මධ්‍යස්ථානයේ හදිසි ඇමතුම් අංක



හදිසි ආපදා ක්ෂණික ඇමතුම්          
117
සාමාන්‍ය ඇමතුම්                   
011 2136136
හදිසි මෙහෙයුම් මධ්‍යස්ථානය
011 2136222
011 2670002
ෆැක්ස් අංකය
011 2670079
දිස්ත්‍රික් ලේකම් කාර්යාල සහ දිස්ත්‍රික් ලේකම්වරුන්ගේ දුරකතන අංකයන්



රත්නපුර දිස්ත්‍රික්කය               
0452222235 / 0714423760
කළුතර දිස්ත්‍රික්කය
034 2222235 / 0716814813
ගාල්ල දිස්ත්‍රික්කය
0912234235 / 0714415377
මාතර දිස්ත්‍රික්කය
0412222235 / 0776864397
හම්බන්තොට දිස්ත්‍රික්කය
0472256235 / 0714441612
කොළඹ දිස්ත්‍රික්කය
0112369134 / 0773184910
ගම්පහ දිස්ත්‍රික්කය
0332222235 / 0773273507
කෑගල්ල දිස්ත්‍රික්කය
0352222235 / 0773633293

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.