• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

විපතට පත් වූ ප්‍රදේශවල ඡන්ද නාමලේඛන ලබා ගැනිම දින 10 කින් දිර්ඝ කෙරේ

mahinda deshapriyaපවතින අයහපත් කාලගුණය නිසා විපතට පත් වූ ප්‍ර‍දේශවල ජනතාවගේ ඡන්ද නාමලේඛන නැවත ලබා ගැනිම දින 10 කින් දිර්ඝ කරන බව  මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසයි. 



විපතටපත් වූ ප්‍රදේශවල තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම කාල සීමාව සංශෝධනය කළ බවත් විපතට පත් නොවූ දිස්ත්‍රික්කවල ඡන්ද නාමලේඛන පෙර පරිදි ම භාර ගන්නා බවත් ඒ මහතා වැඩිඳුරටත්  පැවසීය.


සභාපතිවරයා ‍මෙම අදහස් ප්‍රකාශ කළේ ඊයේ (29) මහනුවර දිසා ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේ පැවති මැතිවරණ කොමිෂන් සභාවේ උපාය මාර්ගික සැලසුමට අදාල ව ක්‍රියාත්මක කිරිමට නියමිත වැඩසටහන් පිළිබඳ මාධ්‍යවේදීන් දැනුම්වත් කිරිම සඳහා පැවැති වැඩමුළුවට එක් වූ අවස්ථාවේ දීය.


මිට අමතරව ආබාධ සහිත පුද්ගලයින්ට ඡන්දය ප්‍රකාශ කිරිම සඳහා වඩාත් නම්‍යශීලී වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරිමට සැලසුම් කොට ඇති බව පෙන්වා දුන් සභාපතිවරයා ඒ සඳහා ඉදිරි‍ කාලයේ දී ම වැඩපිළිවෙළක් යොදන බව පෙන්වා දෙන ලදී. එමෙන් ම මධ්‍යවේදීන් වැනි සුවිශේෂී අත්‍යවශ්‍ය රැකියාවල නියුතු තැපැල් ඡන්ද හිමිකමක් නොමැති පුද්ගලයින් සඳහා විශේෂ  ඡන්ද ප්‍රකාශ කිරිමේ ක්‍රමයක් කෙරෙහි ද මැතිවරණ කොමිෂමේ අවධනය යොමු වී ඇති බව මහින්ද දේශප්‍රිය මහතා පැවසීය.



මෙම අවස්ථාවට මහනුවර දිසාපති එච්.එම්.පී. හිටිසේකර ,මහනුවර නියෝජ්‍ය මැතිවරණ කොමසාරිස් නාමල් තලංගම යන මහත්වරුන් සහ දිස්ත්‍රික්කයේ මාධ්‍යවේදීන් රැසක් සහභාගිව සිටියහ.   

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.