• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදා ප්‍රදේශවල ඉන්ධන බෙදා හැරීම ක්‍ර‍මවත් කිරීමට විශේෂ දුරකථන අංකයක්

telephoneආපදාවට පත් වූ ප්‍රදේශවල ඉන්ධන බෙදා හැරීම ක්‍ර‍මවත්ව සහ අඛණ්ඩව සිදු කිරීමට ඛණිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශය විසින් විශේෂ දුරකතන අංකයක් හඳුන්වා දී ඇත.




077 50 30 222 එම දුරකතනය අංකය වේ. ඒ අනුව ආපදාවට පත් වූ කිසියම් ප්‍රදේශයක ඉන්ධන හිඟයක් හෝ බෙදා හැරීමේ ගැළුවක් ඇත්නම් මෙම දුරකතන අංකයට දැනුම් දෙන්නැයි ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) මහජනතාවගෙන් ඉල්ලා සිටී.


ආපදා තත්ත්වය හේතුවෙන් අද (30) උදෑසන වන විට දකුණු පළාතේ ඉන්ධන පිරවුම් පොළවල් 11ක්ද,  බස්නාහිර පළාතේ ඉන්ධන පිරවුම් පොළවල් 7ක්ද සබරගමු පළාතේ ඉන්ධන පිරවුම් පොළවල් 5ක්ද අක්‍රිය තත්ත්වයට පත්ව තිබිණ. 




කෙසේ නමුත් ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ උපදෙස් සහ මඟ පෙන්වීම  යටතේ එකී ඉන්ධන පිරවුම් පොළවල් යථා තත්ත්වයට පත් කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව (CPC) සහ ලංකා ඛනිජ තෙල් ගබඩා පර්යන්ත සමාගම (CPSTL) ඒකාබද්ධ මෙහෙයුමක් මේවන විට දියත් කරමින් සිටී. 



අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගේ ප්‍ර‍ධානත්වයෙන් ඛනිජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය අද උදෑසන රැස්වූ අවස්ථාවේදී එකී කමිටු සාමාජිකයින් අවධාරණය කළේ අද සවස වන විට ඉහත ඉන්ධන පිරවුම් පොළවල් යථා තත්ත්වයට පත් කිරීමට හැකි වනු ඇති බවයි. කෙසේනමුත් ඉන්ධන ලබා ගැනීමේදී තවදුරටත් කිසියම් හෝ අපහසුතාවයකට පත් වේ නම් 077 50 30 222 දුරකතන අංකය අමතන මෙන්ද අමාත්‍යාංශයේ ආපදා කළමනාකරණ ඒකකය මහජනතාවගෙන් ඉල්ලා සිටී. මෙම දුරකථන අංකය පැය විසිහතර පුරාම ක්‍රියාත්මක කෙරේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.