• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවට පත් වූ ජනතාවගේ බැංකු ණයට රජය අතදෙයි - රුපියල් කෝටි 200ක් අනුමතයි

Hon rajitha senarathnaගංවතුර උවදුරින් අසරණ වූ ජනතාව බැංකු මඟින් ලබාගෙන තිබෙන වානිජ හා පුද්ගලික ණය සඳහා සහන ලබාදීමට රජය රුපියල් කෝටි 200ක් ලබාදීමට තීරණය කර තිබෙන බව සෞඛ්‍ය,පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පවසයි.

 




අමාත්‍යවරයා අද (30) කොළඹ, ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ පැවැති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගී වෙමින් මේ බව පැවසී ය.



ඒ අනුව අමාත්‍ය මණ්ඩලය විසින් අදාළ සහන සැළසීමට අනුමැතිය ලබාදී තිබේ. මෙම සහන ලබාදීම සම්බන්ධයෙන් කරුණු සාකච්ඡා කිරීමේ රැස්වීමක් ලබන බ්‍රාස්පතින්දා පැවැත්වීමට නියමිත බවද අමාත්‍යවරයා පැවසී ය. තවද ආපදා හේතුවෙන් ජීවිත හානි වූ පුද්ගලයකුට රුපියල් ලක්ෂයක් වන්දියක් ගෙවීමට ද තීරණය වී තිබේ.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.