• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

සහනාධාර එක්රැස් කිරීමට කෑගල්ලෙන් පිණ්ඩපාත චාරිකාවක්

Pindapatha pinkama20170531දිවයිනට බලපෑ ආපදා තත්ත්වයෙන් හේතුවෙන් පීඩාවට පත්වූවන් සඳහා ද්‍රව්‍යාධාර එක්රැස් කිරීමේ අරමුණින් කෑගල්ල ශාසනාරක්ෂක  බල මණ්ඩලය විසින් සංවිධානය කරනු ලබන පිණ්ඩපාත චාරිකාවක් හෙට(01) කෑගල්ලේදී පැවැත්වීමට කටයුතු යොදා ඇත.


භික්ෂූන් වහන්සේලා හැට නමක සහභාගීත්වයෙන් කෑගල්ල වෑවලදෙණිය පිරිවෙන් විහාරස්ථානයෙන් උදෑසන 9.00 ට ආරම්භ කෙරන මෙම පිණ්ඩපාත චාරිකාව කෑගලු නගර මධ්‍යයේ සංචාරය කිරීමට නියමිතව ඇත. පිණ්ඩපාත චාරිකාව අවසානයේ වැඩමකෙරෙන භික්ෂූන් වහන්සේලා සඳහා සංඝගත දක්ෂිණාවක් කෑගල්ල දිසාපති මැදුරේ පැවැත්වීමට ද  කටයුතු යොදා ඇත. 


වියළි ආහාර ද්‍රව්‍ය, වතුර බෝතල්, පාවිච්චි නොකළ අලුත් ඇඳුම් හා බෙඩ්ෂීට්, බෙහෙත් ද්‍රව්‍ය, කිරිපිටි, ළදරු කිරිපිටි, බිස්කට්,මදුරු දැල් හා මදුරු දගර, කොට්ටපැදුරු, පිටි කළ පොල්කිරි, සනීපාරක්ෂක ද්‍රව්‍ය, ළදරු සනීපාරක්ෂක ද්‍රව්‍ය හා පාසල් උපකරණ ආදිය පිණ්ඩපාත චාරිකාවේ දී භික්ෂූන් වහන්සේලා වෙත එදිනට පිරිනැමිය හැකි ය. 


පිණ්ඩපාත චාරිකාවෙන් එක්රැස් කෙරෙන ද්‍රව්‍යාධාර කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මැදිහත්වීමෙන් කළුතර නාගොඩ ප්‍රදේශයේ ආපදාවෙන් පීඩාවට පත් වූ ජනතාව වෙත විධිමත් පරිදි ලබා දීමට අපේක්ෂා කරන බව කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර මහතා සඳහන් කරයි. 

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.