• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ශ්‍රීලංකන් මියන්මාර් එයාර්වේස් ඉන්ටර්නැෂනල් හා එක්ව මියන්මාරය වෙත ගුවන් ගමන් අරඹයි

srilankaශ්‍රීලංකන් ගුවන් සමාගම 2017 ජූනි මස පළමුවැනිදා සිට මියන්මාර් එයාර්වේස්  ඉන්ටර්නැෂනල් හා එක්ව මියන්මාරයේ අගනගරය වන යැන්ගොන් (Yangon) වෙත සංකේත  හුවමාරු ගුවන් ගමන් ආරම්භ කිරීමට කටයතු යොදා ඇත. 



මේ අනුව ශ්‍රීලංකන් ගුවන් මගීන්ට (www.srilankan.com)   මියන්මාර් එයාර්වේස්  ඉන්ටර්නැෂනල්  (MAI)  මගින් බැංකොක් සහ සිංගප්පූරුව හරහා යැන්ගොන් වෙත සංචාරය කිරීමට ගුවන් පහසුකම් සැපයෙන අතර මියන්මාර් එයාර්වේස්  ඉන්ටර්නැෂනල්  ගුවන් මගීන්ට ශ්‍රීලංකන්  විසින් මෙහෙයුම් සිදුකරන කොළඹ සහ  සිංගප්පූරුව මෙන්ම කොළඹ සහ බැංකොක් අතර ගුවන් ගමන් සඳහා  පහසුකම් සපයනු ලැබේ.මෙම ගුවන් ගමන් පාර්ෂවතාවය මත ගුවන් මගීන්ට එක් ගුවන් ගමන් ප්‍රවේශ පතක් තුළින් පහසු ගමන් මලු සේවාව හරහා සංචාරය කිරීමට හැකියාව ලැබේ.   



ගුවන්  සමාගමේ  ප්‍රධාන වාණිජ නිලධාරී සිවා රාමචන්ද්‍රන් මහතා ප්‍රකාශ කර සිටියේ “ගෝලීය ගුවන් ප්‍රවාහන ක්ෂේත්‍රයේ වේගයෙන් සංවර්ධනය වන ආසියා සහ මැද‍පෙරදිග කලාපය වෙත වැඩි අවධානයක් යොමුකරීමේ උපාය මාර්ගික සැලසුම්  වලට අනුව  අප ගුවන් ගමන්  ජාලය යන්ගොන් දක්වා ව්‍යාප්ත කිරීමට හැකිවීම  පිළිබඳව සතුටු වන බවයි. මේ  වන විට  මියන්මාරයේ  සංචාරක කර්මාන්තය  සීග්‍රයෙන් වර්ධනය වන අතර  යන්ගොන්  වෙත  ගුවන්  ගමන්  ජාලය  ව්‍යාප්ත කිරීම තුළින්  පාරිභෝගිකයන්ගේ අවශ්‍යතා සඳහා පහසුකම් සපයමින් අප ගුවන් ජාලය ශක්තිමත් කරනු ඇතැයි වැඩිදුරටත් ඔහු කියා සිටියේය.



ශ්‍රීලංකන්  පසුගිය මාස කිහිපය තුළ බොහෝ ගුවන් සේවාවන් හා සංකේත හුවමාරු ගිවිසුම් සඳහා එළඹීමට කටයුතු කළ අතර එමගින් පාරිභෝගිකයන්ට සංචාරක පහසුකම් හිමිවනු ඇත. මෙම නව ගමනාන්තය සමග  ශ්‍රීලංකන් ගෝලීය ගුවන් ගමන්  ජාලය රටවල් 48 ගමනාන්ත 101 දක්වා ව්‍යාප්ත වී ඇත. ශ්‍රීලංකන් වන්වර්ල්ඩ් ගෝලීය ගුවන් සේවා සන්ධානයේ සාඩම්බර සාමාජිකයෙකු  වශයෙන් එහි ගෝලීය ගුවන් ගමන් ජාලය රටවල් 160 ගමනාන්ත 1000 දක්වා වර්ධනය වී ඇත.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.