• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ආපදාවන්ට මුහුණ පෑ ධීවර ජනතාවට කඩිනමින් සහන සැලසීමට පියවර

hon dileep wedaarachchi2017අයහපත් කාලගුණයත් සමඟ විපතට පත් ධීවර ජනතාවට කඩිනමින් අවශ්‍ය සහන සැලසීමට පියවර ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා පැවසීය.



පිඩාවට පත්ව සිටින ධීවර ජනතාව පිළිබඳ ව මෙන්ම හානියට පත් ධීවර යාත්‍රා හා ධීවර ආම්පන්න සම්බන්ධයෙන් වාර්තාවක් කඩිනමින් සපයන ලෙස රාජ්‍ය අමාත්‍යවරයා අදාළ නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.



අදාළ තොරතුරු ලද වහාම එම ධීවර ජනතාවට කඩිනමින් ලබාදිය යුතු සහන ලබාදීමටත්, හානියට පත් ධීවර උපකරණ වෙනුවෙන් නව ධීවර ආම්පන්න ලබාදීමටත් අවශ්‍ය සියලු ම පියවර ගන්නා බව දිලිප් වෙදආරච්චි මහතා එහිදී  අවධාරණය කළේය.


රාජ්‍ය අමාත්‍යවරයා තවදුරටත් පැවසුවේ, පැවති ජලගැලීම් තත්ත්වය හේතුවෙන් පිඩාවට පත්ව සිටින හුංගම කළමැටිය මා දැල් ධීවර වරායේ   ධීවර ජනතාව ට අවශ්‍ය සහන කඩිනමින් සැලසීමටද පියවර ගෙන ඇති බවයි . ඒ පිළිබඳ ව වහා සොයා බලා වාර්තාවක් සපයන ලෙස අදාළ නිලධාරීන්ට මේ වන විටත් උපදෙස් දී තිබේ.

 
මෙම ජල ගැලීම් තත්ත්වය හේතුවෙන් කලමැටිය මාදැල් ධීවර වරායේ නතර කර තිබූ බෝට්ටු පහක් දැල් ආම්පන්න සමඟ මුහුදට ගසාගෙන ගොස් තිබුණි.


රාජ්‍ය අමාත්‍යවරයා එහිදී අවධාරණය කරනු ලැබූයේ මිරිදිය ධීවර කාර්මාන්තයේ නිරත ධීවර ජනතාව මෙම ජලගැලීම් හේතුවෙන් වැඩි වශයෙන් පිඩාවට පත්ව සිටින බවයි. ඔවුන්ගේ ජිවනෝපාය මාර්ග යෙලි යතා තත්ත්වයට පත්කරලීම වෙනුවෙන් ගතයුතු කඩිනම් පියවර පිළිබඳ ව දැඩි අවධානය යොමු කරමින් කටයුතු කරණ බවයි.


ඒ පිළිබඳ ව අවශ්‍ය උපදෙස් නිලධාරීන්ට ලබා දී ඇති අතර, පිඩාවට පත් ජනතාවට සහන සැලසීමේදී විවිධ හේතු දක්වමින් එම සහන ලැබීම කිසිදු ආකාරයකින් ප්‍රමාද නොකළ යුතු බවටද රාජ්‍ය අමාත්‍ය දිලිප් වෙදආරච්චි මහතා එහිදී අවධාරණය කළේය .

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.