• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

පවතින අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් මරණ සංඛ්‍යාව තවදුරටත් ඉහළට

 
sri lanka floods 2017දිවයින පුරා පවතින අධික වර්ෂාව සමඟ ඇති වූ ගංවතුර තත්ත්වය මත මේ වන විට මරණ සංඛ්‍යාව 202 දක්වා ඉහළ ගොස් ඇති බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි.



ඒ අනුව මේ වන විට තුවාල ලැබූවන්ගේ සංඛ්‍යාව 63 දක්වාත් අතුරුදහන් වූවන්ගේ සංඛ්‍යාව 96 දක්වාත් ඉහළ ගොස් ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් සඳහන් කරයි.


මේ වන විට  පූර්ණ හානියට ලක් වූ නිවාස 1505ක්ද අර්ධ හානියට ලක් වූ නිවාස සංඛ්‍යාව 7617ක්ද ලෙස ඉහළ ගොස් ඇත. දැනට ආරක්ෂිත මධ්‍යස්ථාන 366ක් ස්ථාපිත කර ඇති අතර, පවුල් 19 784ක්  ද පුද්ගලයින් 77 432ක් ද ආරක්ෂිත මධ්‍යස්ථාන කර ගොස් ඇත.


මේ වන විට  අයහපත් කාලගුණික තත්ත්වය පවුල් 163.701 කෙරෙහි බලපා ඇති අතර පුද්ගලියන් 629,742 එමගින් පීඩාවට පත්ව ඇති බව එම මධ්‍යස්ථානය වැඩිදුරටත් පවසයි.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.