• #163, කිරුළපන මාවත, කොළඹ 05, ශ්‍රී ලංකාව
  • +94 112 51 5759

engtami

ගංවතුරින් විපතට පත් ළඳරුවන්ට මව්කිරි පමණක් ලබාදෙන්න - විශේෂඥ වෛද්‍ය හිරණි ජයවික්‍රම

dr.hiruni jayawikramaගංවතුර විපතින් ආපදාවට පත් වූ ළඳරුවන් සඳහා කිරිපිටි ලබාදීමෙන් වැළකෙන ලෙසත්, හැකිතරම් මව්කිරි ලබාදීමට කටයුතු කරන ලෙසත් පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය හිරණි ජයවික්‍රම මහත්මිය අවධාරණය කළාය.

 



වෛද්‍යවරිය මේ බව ප්‍රකාශ කළේ, අද (31) කොළඹ සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ පැවැති මාධ්‍ය හමුවකට සහභාගීවෙමිනි.

ආධාර ලබදීමේ දී ළඳරුවන් සඳහා කිරිපිටි ලබාදීමෙන් වළකින ලෙස ද වෛද්‍යවරිය ඉල්ලීමක් කළාය. මාස 06ට අඩු දරුවන් විශේෂයෙන් මව්කිරි පමණක් ආහාරයට ගැනීම කළ යුතු හෙයින් ද කිරිපිටි වර්ග ලබාදීමෙන් ළඳරුවන්ගේ සෞඛ්‍යයට බලවත් ගැටලුවක් වන හෙයින් කිරිපිටි භාවිතයෙන් වැළකෙන ලෙස මව්වරුන්ගෙන් ඉල්ලීමක් කළාය.


ගංවතුර ආඅපදාව නිසා පිරිසිදු ජලය ලබාගැනීමේ අපහසුව, පරිසරය දැඩි ලෙස අපවිත්‍ර වී තිබීම නිසා ළඳරුවන්ගේ සෞඛ්‍යයට බලවත් ගැටලු අත් කර දෙන හෙයින් පිටිකිරිවර්ග ලබාදීම එම තත්ත්වය උග්‍ර අතට පත් කරන්නක් බවද වෛද්‍ය හිරණි ජයවික්‍රම මහත්මිය සඳහන් කළාය.


තවදුරටත් මව්කිරි ඉතාම සුරක්ෂිත ආහාර වෙළක් බැවින් එය දරුවන්ට ලබාදීම කළ යුතු බව ද කී වෛද්‍යවරිය, මව්වරු අහිමි ළඳරුවන් සිටී නම් ඔවුන්ගේ ආහාර අවශ්‍යතා රජයේ වගකිවයුතු සෞඛ්‍ය කණ්ඩායම් විසින් ලබාදීමට කටයුතු කර තිබෙන බවද කීවාය.

නවතම පුවත්

ශ්‍රී ලංකාවේ තිරසාර සංවර්ධන ඉලක්කයන් වෙත ළඟාවීම සඳහා රාජ්‍ය හා පෞද්ගලික මාධ්‍ය ප්‍රභවයන් ඵලදායී අරමුණක් වෙත ගෙන යාම මෙම දෙපාර්තමේන්තුවේ කාර්යභාරය වේ.